වාහන ආනයනය ඇතුළු විවිධ ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා පවසන්නේ, වාහන ආනයනය සම්බන්ධයෙන් ආර්ථීකයට වන පීඩනය දරාගැනීමට කාලයක් අවශ්‍ය බවත්, ඒම පීඩනය දරාගැනීමට හැකි අවස්ථාව එළැඹුනු පසුව ක්‍රමක්‍රමයෙන් වාහන ආනයනය කිරීමේ සීමා ලිහිල් කිරීමට හැකියාවක් බවතින බවත්ය.
සෙසු ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති සීමා පිළිබඳව අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ, සෙසු ආනයන භාණ්ඩ සීමා දිගින් දිගටම පවත්වා ගෙන යාමට බලාපොරොත්තු නොවන බවත්, අවශ්‍ය වන සීමාවට පමණක් ආනයන කටයුතු සිදු කරන ලෙස ආනයනකරුවන්ට පැවසූ බවත්ය.