අවස්ථා හතරකදී රුපියල් 5000 දීමනාව දීම සඳහා රුපියල් මිලියන 5336ක් ද රුපියල් 2000 දීමනාව දීම සඳහා රුපියල් මිලියන 258 ක් ද වැයවී ඇත.
වසර එක හමාරක පමණ කාලය තුළ නිරෝධායනය වූ පවුල් 80370 කට අත්‍යවශ්‍ය අහාරද්‍රව්‍ය ඇතුළත් රුපියල් 10000ක ආහාර සලාකය දීම සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 803කි. විවිධ අවස්ථාවලදී හුදෙකලා කළ ප්‍රදේශවල ජීවත්වූ පවුල් 33461කට සතියකට රුපියල් 5000ක වටිනාකමින් යුක්ත අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මල්ලක් ලබාදීම සඳහා රුපියල් මිලියන 1550 වැයවී තිබේ. කොරෝනා වසංගත සමයේ පීඩාවටපත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභසාධනය සඳහා රජය විශාල මුදලක් වැයකර ඇතැයි දිස්ත්‍රික් දිසාපතිවරයා පෙන්වාදෙයි.
මොහාන් සමරනායක
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්