පසුගිය දා (23) Zoom තාක්ෂණය ඔස්සේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සැමන් ටින් නිෂ්පාදකයන් 07 දෙනෙකු සමඟ පැවති සාකච්ඡාවේ දී ස.තො.ස ආයතනය වෙත තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ 04ක් සැපයීමට ඔවුන් පොරොන්දු වී ඇත. පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ටින් මාළු කර්මාන්තශාලා වල
ශ්‍රී ලංකාවේ වෙළදපොල තුළ මේ දිනවල පවතින ටින් මාළු හිඟය අවම කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ධීවර අමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබුණි.
මෙහිදී ටින් මාළු නිෂ්පාදකයින් ඔවුන්ට පැන නැගී ඇති ගැටළු රාශියක් පිළිබඳ අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී. මේ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා මෙම ගැටළුවලට විසදුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.