රුපියල් මිලියන 3.5ක් වටිනා මෙම වෛද්‍ය උපකරණ තොගයට ලීටර් 10 ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස් 05ක්, මල්ටිපැරා මොනිටර්ස් 10ක්, ඉලෙක්ට්‍රොනික් බ්ලඩ් ප්‍රෙෂර් ඇපරේටර්ස් 16ක් වෙන්චූරි මාස්ක්ස් 200ක්, පල්ස් ඔක්සි මීටර්ස් 11ක් ඇතුළු කෝවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යවශ්‍ය වන වෛද්‍ය උපකරණ ඇතුලත් විය.
කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් මන්නාරම, කරවනැල්ල, තෙල්දෙනිය, කෑගල්ල, හම්බන්තොට, අකුරැස්ස, වැලිසර සහ හොරණ යන රෝහල් 08 වෙත එම උපකරණ පරිත්‍යාග කිරීම මෙහිදී සිදුවිය.
මීට පෙරද රුපියල් මිලියන 08කට වැඩි වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් රෝහල් 12ක් වෙත පරිත්‍යාග කිරීමට කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව කටයුතු කල අතර ඒ සදහා Medical Aid to Sri Lanka UK සංවිධානය සහයෝගය ලබාදී ඇති අතර මෙවරද එම සංවිධානය සහ වෛද්‍ය පද්මිනී ද සිල්වා මහත්මිය ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සහයෝගය ලබාදී ඇත.