ඒ මහතා මේ බව කියා සිටියේ අද (27) බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ දී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේ දී යුගදනවී බලාගාරය සම්බන්ධයෙන් මේ දිනවල විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව නඟන ලද චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.
එමෙන්ම, විපක්ෂය මේ දිනවල මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර රට තුළ ව්‍යාප්ත කිරීමට උත්සහ කරමින් සිටින බව කියා සිටි සාගර කාරියවසම් මහතා මෙසේද පැවසීය.
“කෙරවලපිටිය බලාගාරය සකස් කරන්නේ පුද්ගලික සමාගමක්. ඒ පුද්ගලික සමාගමට අවශ්‍ය මුදල් නිසා ඒ සමාගම වෙත රජය විසින් මුදල් යෙදෙව්වා භාණ්ඩාගාරයෙන්. ඒ අනුව භාණ්ඩාගාරයට එම සමාගමේ 50% ක කොටස් හිමිවිමක් තිබුණා. මේ විදුලිබල ප්‍රශ්නය මේ රටේ අපි ඉතාම ඉක්මණින් විසඳගතයුතු ප්‍රශ්නයක්. මේ කෙරවලපිටිය බලාගාරය විවෘත කරන අවස්ථාවේ ප්‍රධාන අදහසක් තමයි හැකි ඉක්මණින් ස්වභාවික ගෑස්වලින් දුවන බලාගාරයක් බවට පත් කරන්න අවශ්‍යයි කියලා.
නමුත් අපි කියන්න ඕන අවසනාවන්ත ලෙස වසර 10 ක් තිස්සේ එය කරගන්න අපිට රටක් හැටියට නොහැකි වෙලා තිබෙනවා. ඉතින් අපේ රජය පැමිණ කරන්න දරන උත්සහයේදී මෙයට විරුද්ධ වෙනවා නම් කවුරුහරි මේ රටේ අනාගත බලශක්ති සැපයුමට විරුද්ධ විමක් වෙන්නේ. මෙය කිසිම හෝ ආකාරයකින් කෙරවලපිටිය බලාගාරයේ කොටස් විදේශ ආයෝජන සමාගමකට ලබාදීමක්, විකිණීමක් වෙන්නේ නෑ. කොටස්වලින් 40% ප්‍රමාණයක් විතරයි අපි ලබාදෙන්නේ. ඒ වගේම ඒ කොටස් 40% ලබාදීම පසුත් අදාල ආයෝජනයෙන් වසර 15 න් පසු මෙම බලාගාරය සම්පූර්ණයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වන බලාගාරයක් බවට පත්වෙනවා.” එමෙන්ම, මේ රටේ අනාගතය වෙනුවෙන් රටේ බලශක්ති අර්බුදය නැති කිරීමට මේ රටේ ආයෝජන වැඩිදියුණු කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂි ව්‍යාපෘතියක් ''වෙන බව ද ඒ මහතා කියා සිටියේය.