ඒ මහතා මේ බව කියා සිටියේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඒ අනුව, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 95 ක්, නාඩු සහල් කිලෝවක මිල 98ක්, සම්බා සහල් කිලෝවක මිල 103 ක්, කීරි සම්බා කිලෝවක මිල 125 ක්, ලෙස වූ උපරිම
සිල්ලර මිල ප්‍රකාශ කොට පාරිභෝගික අධිකාරියේ බලතල ප්‍රකාරව පනවා තිබූ ගැසට් නිවේදනය ඊයේ දින (27) පැවති කැබිනට් රැස්වීමේ දී ගන්නා ලද තීරණ අනුව පාරිභෝගික අධිකාරිය විසින් අවලංගු කිරීමට කොට තිබේ.
මෙරට සහල් අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් ලක්‍ෂ 24 ක් වන බවත්, මාසිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක පමණ සහල් අවශ්‍යතාවයක් පවතී. ඒ අනුව මෙට්‍රික්ටොන් ලක්‍ෂයක සහල් ප්‍රමාණයක් ආනයනය කොට සතොස සහ සම්පකාර ඇතුළු තොග වෙළදාමට බෙදා හැරීමට කටයුතු කර තිබෙන බව අමාත්‍යවරයා විසින් මෙහි දී සඳහන් කර සිටියේය.
මේ දිනවල වෙළඳපොළ තුළ ඇතැම් භාණ්ඩ සම්බන්ධයෙන් යම් කිසි හිඟයක් තිබෙන බව පිළිගත යුතු සත්‍යයක් වන බවත්, ඒ අනුව පත් කොට ඇති ජිවන වියදම් පාලනය කිරීමේ අනුකමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම කරුණු ඊයේ දිනයේ දී අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමෙන් අනතුරුව එහි එක් ප්‍රතිඵලයක් ලෙස සහල් සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්තිමය තීන්දුව ගත් බව හෙතෙම කියා සිටියේය.
එමෙන්ම, වත්මන් ජනාධිපතිවරයා විසින් වී කිලෝවකට මිල රුපියල් 52 දක්වා ගොවීන්ට ලබා දීමට කටයුතු කරනු ලැබූ බව ද, එමඟින් වී සඳහා සහතික මිලක් ලබා දී 2020 වසරේ දී ගොවීන්ගේ අදායම ශක්තිමත් කිරීමටත් එමඟින් වී ගොවීන්ගේ මැසිවිලිවලට සහනයක් ලබා දීමටත්, 2020 වසර තුළ කිසිඳු ආකාරයෙන් සහල් ආනයනයට නොකිරීමෙන් මෙරට ගොවි ජනතාව ශක්තිමත් කිරීමට හැකි වූ බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, කුමන ආකාරයේ ජයග්‍රහණ අත්පත් කර ගත්ත ද පාරිභෝගිකයා යම් ආකාරයක අසරණභාවයකට පත් වීම වැළක්වීම උදෙසා රජයක් ලෙස මෙම තීන්දුව ගත් බව ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව වී සදහා පනවා තිබු සහතික මිල කුමන ලෙසකින් වත් වෙනස් නොවන බව ද කියා සිටි හෙතෙම යම් හෙයකින් වි මෝල් හිමියන් සහතික මිලට වඩා අඩුවෙන් වී මිල දී ගැනීමට කටයුතු කළ හොත් රජය මැදිහත් වී ක්‍රියා කරන බව ද වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටියේය.