ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු වශයෙනි.
රටට විදේශ විනිමය අර්බුදයක් පවතින අතර එය නොරහසක් බවද, මේ පිළිබදව මුදල් අමාත්‍යවරයාද පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයිද පැවසූ රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන සාධකය වූයේ දෙවසරක් තුළ මෙරටට ඩොලර් බිලියන 07ක පමණ ආදායමක් සංචාරක ව්‍යාපාරය නොමැති වීම හේතුවෙන් අහිමි වීම නිසා බවයි.
ඉදිරි කාර්තුව තුළ නැවත සංචාරක ව්‍යාපාරය වර්ධනය වී විදේශ විනිමය පාර්ශවයෙන් සංචාරක වයාපාරයෙන් ආදායම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවද, නැවත ලංකාව සාමාන්‍යකරණයට ලක්වීම හරහා සාමාන්‍යයෙන් රට තුළට ලැබෙන විදේශ ආයෝජන ඇතුළු කාරණා හරහා රට යථාවත් වනු ඇති බවටද බොහොම පැහැදිලි බලාපොරොත්තුවක් ඇතැයි රමේෂ් පතිරණ අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට දෙසතියකට පෙර ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන කාර්යය සාධක බලකායේදී සදහන් කළ ආකාරයට රටේ වෛද්‍යවරුන්ගේ මතය වූයේ මෙම රෝගයට ගොදුරු වන සහ රෝගයෙන් සංකූලතාවයන්ට ගොදුරු වන වයස 30ට වැඩි ජනගහණයෙන් සියලුදෙනා දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකක් ගතවූ පසු දේහයන් තුළ සාධනීය ප්‍රතිශක්තියක් වර්ධනය වන බැවින් මෙම මස අවසානයේදී රට විවෘත කිරීමට හැකිවෙතැයි විද්‍යාත්මක දත්ත පදනම්ව ඔක්තෝම්බර් 01 වෙනිදා රට විවෘත කිරීමේ තීන්දුවට එළඹි බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
එහෙත් නිශ්චිත වශයෙන්ම එම තීන්දුව ප්‍රකාශයට පත්වන්නේ සිකුරාදා රැස්වෙන කොවිඩ් මර්දන කාර්යයසාධක බලකාය රැස්වූ පසුව බවද දැනට පවතින තත්ත්වය තුළ රෝගීන්ගේ පැහැදිලි අඩුවක්, මරණ ප්‍රමාණයේ අඩුවක් මෙන්ම ඔක්සිජන් මත යැපෙන රෝගීන් අඩුවී ඇති බවට විශ්වාස කරන බවද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේය.
ඔක්තෝම්බර් මාසයෙන් පසුව ශ්‍රී ලංකාවනව යුගයකට පියනගනු ඇතැයි බලාපොරොත්තු සහගතව සිටින අතරම ඒ පිළිබදව අවසන් තීන්දුව සිකුරාදා පැවැත්වෙන රැස්වීමේදී ගනු ලබන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.