ඇතැම් විට ආනයනය සම්බන්ධයෙන් වන නීති වෙනස් කිරීමට හැකියාවක් තිබිය හැකිය යන්න පිළිබඳව මහබැංකු අධිපතිවරයා විසින් උපකල්පනයක් පමණක් සිදු කළා විය හැකි බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම, අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කිරීම සඳහා ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කටයුතු කොට ඇතැයි ද, ඒ අනුව වෙළඳපොල තුළ තිබෙන යම් යම් භාණ්ඩ හිඟය අවම කර ගැනීමට ජිවන අනුකමිටුව මඟින් ඊයේ (27) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව ගනු ලැබූ තවත් එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කිරීමට පියවර ගත් බවද, ආනයනකරුවන්ට කන්ටේනර් කඩිනමින් නිදහස් කර ගැනීම සදහා ශ්‍රී ලංකා වරාය ද ඊට අවශ්‍ය පහසුකම් සැළසීමට කටයුතු කරන බව ද පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේය.
මේ වන විට රට තුළ මතු වී ඇති ඩොලර් පිළිබඳව වූ ගැටළුව හේතුවෙන් ආනයනකරුවන්ට අද වන විට වරාය තුළ කන්ටේනර් 800 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගත නොහැකි ව තිබේ. ඊට පිලියමක් ලෙස තීරණය ගෙන ඇති බව හෙතෙම වැඩිදුරත් සඳහන් කර සිටියේය.