ඊයේ (27) දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අලෙවිසැලේදී ආරම්භ කෙරිණි.
කොළඹ ව්‍යාපාරික සංගමය විසින් හදුන්වාදෙන ලද www.onemart.lk වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමෙන් මෙම සේවාව ලබාගැනීමේ හැකියාව ඇත.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනී සාගලා අබේවික්‍රම, කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියශීල වික්‍රමනායක, කොළඹ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.