ඔහු මේ බව ප්‍රකාශ කළේ ,අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට පිළිතුරු වශයෙනි.
ශ්‍රී ලංකාවේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුදෙනා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ළමුන් සදහා එන්නත්කරණයට නිර්දේශ ලබාදෙන බවද, එන්නත්කරණයෙන් ඇතිවෙතැයි කියන සංකූලතා තත්ත්වය පිළිබදව ලෝකයේ වාර්තා වුණු ඉතාම අල්ප සංඛ්‍යාව හා සැසදීමෙන් අනතුරුව සහ එන්නතෙන් ඇති ආරක්ෂාකාරී ප්‍රතිඵල
සැලකිල්ලට ගැනීමෙන් පසුව එන්නත ලබාදීම සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇතැයි අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එමනිසා ලෝකයේ රටවල් රාශියක දැනටමත් තෝරාගත් දරුවන් වෙනුවෙන් එන්නත්කරණය සිදුකෙරෙමින් පවතින බවද, ශ්‍රී ලංකාවේද එම තීන්දුව එම මාර්ගෝපදේශ සියල්ල හරහා අරගෙන ඇති බව සිහිපත් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගී තත්ත්වය ඉතාම සුළු පිරිසකට පමණක් ඇතිවී ඇති සංකූලතා තත්ත්වයක් වන අතර එන්නත්කරණයෙන් ලැබෙන ආරක්ෂාව සහ වාසි සහගත ස්වරූපය එයට වඩා වැඩි බවයි.
එනම් එයින් ඇතිවන සුළු අනතුරට වඩා ආරක්ෂාව ඉතා ප්‍රභල බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් සියලුදෙනාගේ පිළිගැනීම බවද අමාත්‍යවරයා සදහන්
කළේය