ඒ මහතා මේ බව පැවසුවේ කොවිඩ් 19 රෝග සත්කාර ඒකාබද්ධ යාන්ත්‍රණය කුමක් ද ? කාටද? යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (සැප්තැම්බර් 29) පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගිවෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහචාර්ය මනුජ් වික්‍රමසිංහ මහතා පැවසුවේ රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් යන විට ජනතාව සෞඛ්‍යාරක්ෂිත පුරුදු වලින් හා කොවිඩ් පිළිබඳ සැළකිල්ලෙන් ඈත්වන බවත්, මේ මොහොත තවමත් අවධානම් බැවින් සැළකිල්ල අඩු නොකළ යුතු බවත්, කිසියම් කෙනෙකුට කොවිඩ් වැළඳී ස්වසනාබාධයක් හෝ වෙනත් සංකූලතාවක් පවතී නම් අනිවාර්යෙන්ම සැළකිය යුතු බවත්ය.
ඒ අනුව 1904 යන හදිසි අංකයට කෙටි පණිවිඩයක් යැවීමට කටයුතු කරන්‍නේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය සහාය ලබා ගැනීමට හැකි බවද මනුජ් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා 1904 වෛද්‍ය සහාය කෙටි පණිවිඩ සේවාව සම්බන්ධයෙන් මෙලෙස පැවසීය. “1904ට කෙටි පණිවිඩයක් එවන අවස්ථාවේදී කිසියම් අපහසුවක් දැනෙන්නේ නම් A ලෙස සටහන් කරමින් නම හිස් තැනක්, වයස හිස් තැනක්, ජාතික හැඳුනුම්පත් අංකය හිස් තැනක්, නිවසේ ලිපිනය සඳහන් කරමින් හෝ අපහසුවක් නොදැනුනත් යම් රෝග ලක්ෂණයක් දැනෙන්නේ නම් B ලෙස සටහන් කරමින් නම හිස් තැනක්, වයස හිස් තැනක්, ජාතික හැඳුනුම්පත් අංකය හිස් තැනක්, නිවසේ ලිපිනය
සඳහන් කරමින් හෝ කොවිඩ් වැළඳී ඇති නමුත් රෝග ලක්ෂණයක් නොදැනෙන්නේ නම් C ලෙස සටහන් කරමින් නම හිස් තැනක්, වයස හිස් තැනක්, ජාතික හැඳුනුම්පත් අංකය හිස් තැනක්, නිවසේ ලිපිනය සඳහන් කරමින් කෙටි පණිවිඩයක් එවිය යුතුයි.”
එහිදී ඒ මහතා පැවසුවේ පසුගිය කාලයේ වාර්තා වූ රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් රෝගීන් නිවෙස් තුළ රැඳී සිටි බවත්, මෙම 1904 ක්‍රියාත්මක වීම තුළින් නිවෙස් තුළ සිටි වාර්තා නොවූ රෝගීන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමට හැකි වූ බවත්, මේ වන විට එම තත්වයත් සමඟ වාර්තා නොවන රෝගීන් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවී ඇති බවත්ය. මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසුවේ, 247 හදිසි අංකය යටතේ ගිය වසරේ පවා කොවිඩ් රෝගීන්ට උපදෙස් ලබා දීමට කටයුතු කළ බවත් 247 යන අංකය ඕනෑම දුරකථන ජාලයකින් ඇමතිය හැකි බවත්, එය ඇමතූ විට ඇමතූ පුද්ගලයා සමඟ වෛද්‍යවරයකු සම්බන්ධ වන අතර ඉන් පසුව අදාළ පුද්ගලයාගේ තත්ත්වය දුරකථනයෙන් විමසීමෙන් අනතුරුව ප්‍රතිකාර සම්බන්ධ තීරණයක් ගන්නා බවත්ය.