එරට පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්, මේ වසරේ මාර්තු මස සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සදහා ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.
මේ වන විට ලෙබනනයතුළ කොවිඩ් වසංගතය පාලනය කර තිබෙන බැවින් එරට රැකියා සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ඇතුළුවීමට අවසර ලබා දී තිබෙන අතර, අදාල පුද්ගලයින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම එන්නතක අදාල මාත්‍රා දෙකම ලබාගෙන තිබීම අනිවාර්ය වේ.