පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පුනර්ජනනීය විදුලිබල උත්පාදනයට දේශීය විදේශීය යෝජනා කැදවයි- දේශීය ආයෝජකයන්ට වැඩි ඉඩකඩක්.

    සැප්තැම්බර් 30, 2021

    50MW හෝ ඊට වඩා වැඩි පුනර්ජනනීය බලාගාර එනම් මහා පරිමාන සූර්ය, සුළං, ජලාශ මත ඉදි කරනු ලබන පාවෙන සූර්ය බලාගාර, නොගැබුරු මුහුදු තීරයේ ඉදි කරනු ලබන සුළං බලාගාර හා සියලු පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැදවීමට අවශ්‍ය පියවර ගන්නා බව, සූර්ය,සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් වෙනුවෙන් පුද්ගලික අංශයේද දායකත්වය ලබාගනිමින් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවී තිබූ අතර ඒ අනුව මෙසේ යෝජනා කැදවීමට පියවර ගෙන තිබේ. නව ආයෝජකයන් විසින් 2007 අංක 35 දරණ පුනර්ජනනීය බලශක්ති අධිකාරි පනතේ සදහන් සුදුසුකම් සපුරා තිබිම අනිවාර්යය වේ.

    යෝජනා ඉදිරිපත් කිරීමේ ලේඛනය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (www.energy.giv.lk) වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙමෙ යෝජනා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට හෝ "ලේකම් සූර්ය බල,සුළං හා ජල විදුලි ජනන වියාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශය, අංක 437 ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට 2021/11/01 වැනි දිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාරදිය යුතුය.

    දිනෙන් දින ඉහල යන බලශක්ති අර්බුදයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීමේ තිරසාර විසදුම් ලබාගැනීමේ අරමුණ පෙරදැරිව අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ක්‍රියාත්මක කෙරෙන, වසර 2030 වනවිට රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් බලගැන්වීමේ ක්‍රියාන්විතය සාර්ථක කිරීමටනම්, සූර්ය බලශක්තියෙන් 4800MW සහ සුලං බලශක්තියෙන් 3500MW ක ධාරිතාවයෙන් ජාතික පද්ධතිය බලගැන්විය යුතු බවත්, මෙම ධාරිතාව 2022-2030 කාල පරාසය තුල ජාතික පද්ධතියට එක් කිරීම වෙනුවෙන්වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමේ මූලික පියවරක් ලෙස රජය මගින් මෙම වැඩපිලිවෙල හදුන්වා දී ඇත.

    පුනර්ජනනීය බලශක්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා දේශීය සහ විදේශීය ආයේජකයන්ගෙන් යෝජනා කැදවීමේදී ආයෝජකයන් විසින් සිය යෝජනා "යෝජනා ඉදිරිපත් කිරීමේ යෝජනාවලිය" අනුව ඉදිරිපත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත පවසයි.

    මේ සදහා 2021/09/24 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර මෙමගින් පුද්ගලික අංශයේ ආයෝජකයින් පුනර්ජනනීය බලශක්ති වියාපෘති සදහා ආයෝජනය දිරිගැන්වීම බලාපොරොත්තු වෙයි. අමාත්‍යාංශය මගින් පත් කරනු ලබන කමිටුවක් මගින් අදාළ යෝජනා සලකාබලා ඉදිරි කටයුතු සදහා යොමු කෙරෙනු ඇති බවද අවධාරණය කරයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya