ඓතිහාසිකමය වටිනාකමකින් යුක්ත බර්සා හි නිර්වේතනික කොන්සල් කාර්යාලයක් විවෘත කිරීම මඟින් තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර මෙතෙක් පැවැති මිත්‍රශීලී, සහෝදරත්වයේ සබැඳියාව තවදුරටත් සවිමත් වනු ඇතැයි මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ තානාපති හසන් මහතා ප්‍රකාශ කළේ ය. ජනගහනය අතින් තුර්කියේ සිව්වැනි විශාලතම නගරය සහ කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකයට ද හිමිකම් කියන බර්සා නගරය, ඔටෝමන්වරු තම ප්‍රථම රාජධානිය පිහිටුවා සමෘද්ධිමත් කළ රාජධානිය ලෙස ද සැලකේ. තානාපතිවරයා, නිර්වේතනික කොන්සල්වරයා ලෙස පත් කරගන්නා ලද අහ්මත් යිල්ඩිස් මහතාගේ නිල පත්වීමේ ලිපිය ද මෙහි දී ප්‍රදානය කළේ ය. නව වෙළඳ අවස්ථා, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා බර්සා කලාපය තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට තමා කැප වන බව යිල්ඩිස් මහතා සිය ප්‍රකාශයේ දී සහතික කළේ ය.
බර්සා මහනගරයේ නගරාධිපති අලිනූර් අක්ටාස් මහතා, AK පක්ෂයේ නියෝජ්‍ය සභාපති සහ පාර්ලිමේන්තු සභික එෆ්කන් අලා මහතා සහ බර්සා මහනගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ද පැමිණ සිටි පිරිස ඇමතූ හ.