පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යුරෝපා සංගම් නියෝජිතයින් අධිකරණ ඇමති හමුවෙයි

    සැප්තැම්බර් 30, 2021

    යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන G.S.P ප්ලස් සහනය ඉදිරියටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට පවත්නා ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන සාකච්ඡාවක් යුරෝපා සංගම් නියෝජිතයින් සහ ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් 28 දින අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

    මෙහිදී යුරොපා සංගමය නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජිතයින් විසින් ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන සඳහන් කල අතර අධිකරණ ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසා සිටන ලදී.

    මෙහිදී අමාත්‍යවරයා විසින් වර්තමානයේ අධිකරණ ක්ෂේත්‍රයේ සිදු කෙරෙන නීති ප්‍රතිසම්පාදනය, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම නඩු කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍යයටිතල පහසුකම් දියුණූකිරීම මෙන්ම අධිකරණ ශාලා වැඩිකිරීමත් ඊට සමගාමීව විනිසුරුවන් වැඩිකිරීම, ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් එහි සාධනීය තත්වය පිළිබඳව යුරෝපා සංගමයේ නිලධාරීන් හට පුලුල්ව දැනුවත් කරන ලදී.

    ඉන් අනතුරුව යුරොපා සංගමයේ නිලධාරීන් මෙරට තුළ පවතින වත්මන් තත්වය හා රජය විසින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රගතියපිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය කෙරෙහි සෑහීමකට පත්වන බවත් ඉදිරියට ලබාදිය හැකි සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලා කටයුතු කරනබවත් සඳහන් කරන ලදී.

    මෙම අවස්ථාවට යුරෝපා සංගමය වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනෙකු, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ, ගරු අධිකරණ අමාත්‍යතුාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙකුද එක් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya