නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය
අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධික්ෂණයෙන් මාදිවෙල තෙත්බිම් කළාපයේ පරිසරය ආරක්ෂා කර ගැනිම සඳහා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් (28) දින පැවති මාධ්‍ය හමුවක දී මෙම තොරතුරු අනාවරණය කෙරිණ.
අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පරිසරය සුරැකෙන ආකාරයට මෙහි සංවර්ධන කටයුතු සැලසුම් කර තිබුණි. නමුත් මාදිවෙල තෙත්බිම් කළාපය මේ වනවිට අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට හසුව පවතී. එමෙන් ම තෙත්බිම් කළාපය අවට වෙසෙන පදිංචිකරුවන්ගේ වැසිකිළි අපද්‍රව්‍ය සියල්ල ම තෙත්බිම් කළාපයට බැහැර කරයි. එයට අමතරව වෙනත් අපද්‍රව්‍ය ද තෙත්බිම් කළාපයට බැහැර කරමින් තිබේ.
මෙහි විශේෂිතම කරුණ වනුයේ පරිසරයට හානි කරන ප්ලාස්ටික් සහ පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍ය දිනකට ට්‍රැක්ටරයක පමණ ප්‍රමාණයක් තෙත්බිම් කළාපයට බැහැර කිරීමයි. මාදිවෙල තෙත්බිම් කළාපය සත්තු වත්තක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ රජය විසින් දියත් කරන බව ඇතැමුන් පැවසුවත් එම භූමියේ සත්තු වත්තක් නොව සතුන්ට නිදහසේ ජීවත්විය හැකි
කුරුළු උද්‍යානයක් ඉදිකෙරෙන බව මාදිවෙල තෙත්බිම් සංවර්ධන ව්‍යාපෘතිය භාරව සිටින නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. තෙත්බිම් කළාපය තුළ දේශීය කුරුළු වර්ග 300 ක් පමණ මේ වනවිට සිටින අතර, මෙම අහිතකර තත්වයන් හමුවේ එම කුරුළු වර්ග ද වඳවීයාමේ තර්ජනයට ලක්විය හැකි බව නාගරික
සංවර්ධන අධිකාරිය විසින් පෙන්වා දෙයි.
තවද විදේශීය කුරුළු වර්ග 150 කට අධික ප්‍රමාණයක් මෙම තෙත්බිම් කළාපයට සංචාරක කුරුල්ලන් සේ පැමිණෙන අතර තවදුරටත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම තුළ එම
කුරුල්ලන්ගේ පැමිණීමේ අඩුවක් ද සිදු විය හැකි බව ද නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මෙම කුරුලූ විශේෂ මඟින් දේශීය මෙන් ම විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම තුළ සංචාරක කර්මාන්තයේ නව දියුණුවක් ඇතිවන බව ද එම අධිකාරිය දක්වා සිටියි.
අපද්‍රව්‍ය සහ අපජලය තෙත්බිමට බැහැර කිරීම හේතුවෙන් තෙත්බිම ජලාශවල සිටින බොහෝ මසුන් වර්ග ද වඳ වී යෑමේ තර්ජනයකට මුහුණ දී සිටී. එමෙන් ම තෙත්බිම තුළ තිබූ වටිනා ශාක මෙන් ම ජලජ ශාක ද මේ වන විට වඳ වී යමින් පවතී. විශේෂිත කරුණ වනුයේ අද වන විට මෙහි දක්නට ලැබෙනුයේ පරිසරයට හානි කරන වල් ආතා ශාක බහුලව පැවතීමයි. විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම තෙත්බිම් කළාපයට කඩා ඉවත් කරන පරණ ගොඩනැගිලි සහ වෙනත් සුන්බුන් හා මැටි වර්ග ගෙනත් දැමීමත් හේතුවෙන් සිදුවන හානිය ඉහළ යමින් පවතී.
මාදිවෙල තෙත්බිම් කළාපය නිසිලෙස සංවර්ධනය කිරීමෙන් නව රැකියා අවස්ථා 300 ක් බිහිවන බව ද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. සිදුකර ඇති පරිසර හානිය අවම කර ගැනීම සඳහා මාදිවෙල තෙත්බිම් කළාපය තුළ ශ්‍රී ලංකාවට උචිත දේශීය ශාක වර්ග රැසක් වගා කිරීම මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වී තිබේ. ඒ යටතේ
උණ පඳුරු 4,000 ක්, කුඹුක් ගස් 1,400 ක්, මීගස් 1,100 ක්, ඇඹුල් ඇඹිලිය ගස් 300 ක්, මාදං ගස් 300 ක්, කිරල, පන්, මීවන ශාක, කුකුල් වැල් සහ මාවැල් වැනි ශාක වර්ග ද ඕලු, මානෙල්, නෙළුම් වැනි ජලජ ශාඛ වර්ග ද සිටුවීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර තිබේ.
මෙම කුරුළු උයනේ විශේෂත්වයක් වනුයේ අතිවිශාල ප්‍රදේශයක කුරුල්ලන්ට නිදහසේ සැරිසැරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කර තිබීමයි.
මාදිවෙල තෙත්බිම් සංවර්ධන ව්‍යාපෘතිය තුළ මෙම භූමිය නැවත පිරවීමක් සිදු නොකෙරේ. නව ආකාරයක හැඩතල සහිත පරිසරයට ගැලපෙන ජලය පිරවූ පොකුණු මෙතුළ ඉදිකෙරේ. මෙම ඉදිකිරීම් ස්වභාදහමට වඩාත් ගැළපෙන ආකාරයට ඉදිකිරීම මෙහි ඇති තවත් විශේෂත්වයක් වේ.
මාදිවෙල තෙත්බිම් ඉඩම් අල්ලාගත් පදිංචිකරුවන් බලහත්කාරයෙන් ඉවත් නොකරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර සිටියි. ඔවුන් පදිංචි නිවාස සහ භාවිතයට ගන්නා වැසිකිලි වැනි ස්ථාන මගහැර සියළු සංවර්ධන කටයුතු ඉදිකිරීමට මෙහි සැලසුම් සකස් කර තිබේ. ඒ යටතේ ඔවුන් දැනට භාවිතා කරන පටු අවිධිමත් ප්‍රවේශ මාර්ගය අඩි 18 ක් දක්වා පුළුල් කර තිබේ.
දැනට ප්‍රමාණයෙන් අක්කර 02 ක් ලෙස පවතින ඉසුරු දේවප්‍රිය ක්‍රීඩා පිටියට අක්කරයක ඉඩමක් වැඩිපුර ලබා දී තිබේ. යම්කිසි හේතුවක් මත අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට සිදුවුවහොත් ඔවුන්ට නව නිවාස ලබා දීමට ද තීරණය කර ඇත.
මාදිවෙල තෙත්බිම් කළාපය තුළ සිදු කෙරෙන මෙම සංවර්ධන කටයුතුවලට විරුද්ධව සිටින්නේ පවුල් 07 - 08 ක් පමණි. ඒ අවට හෝ ඔවුන් ප්‍රකාශ කරන පරිදි මහරගම ජනතාවගේ විරෝධයක් ප්‍රකාශ වී නොමැති බව නාගරික සංවර්ධන අධිකාරිය අවධාරණය කරයි.
මෙම සංවර්ධන කටයුතු සියල්ල දේශීය ආර්ථිකය නැංවීම ඉලක්ක කරගනිමින් සකස් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ යටතේ ආර්ථික, සමාජයීය ප්‍රතිලාභ රැසක් හිමි වන බව අධිකාරියේ අදහසයි.
නාගරික සංවර්ධන අධිකාරිය සියල්ල සිදුකරන්නේ සැලසුම් සහගතවයි. ඒ සැලසුම මේ රටේ ජනතාවටත්, රටටත් ප්‍රතිලාභ ලබාදීමට ක්‍රියාත්මකයි. එම සැලැස්ම හඳුන්වන නාමය වන්නේ පොදු ජනතාවට නාගරික පොදු පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළයි.
රජයේ සංවර්ධන වැඩපිළිවෙළට අලුතෙන් එකතු වුණේ වන උයන්. ඒ යටතේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය, දියසරු උයන වැනි උයන් ගොඩනැගූ බව කිව යුතුයි. මේ සියල්ල භාවිතයට ගත නොහැකිව අතර දැමූ ඉඩම් වශයෙනුයි සැලකිල්ලට ගැනුනේ. මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති සිදු කරනුයේ රජයේ මුදල්වලින් නොවෙයි. ආයෝජකයන්ගේ මුදල්වලිනුයි. රජයට එමඟින් ආදායමක් හිමියි.
ඉදිරි වසර 02 තුළ ඉදිකර නිම කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය තුළින් මාදිවෙල තෙත්බිම් කළාපය අංග සම්පූර්ණ තේමා උද්‍යානයක් ලෙස නිර්මාණය කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය යන රාජ්‍ය ආයතනයන්හි අනුමැතිය සහ සංවර්ධන සැලසුම් මාර්ගෝපදේශනයන්ට අනුකූලව ආයෝජකයන් ඉදිකිරීම් හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාම අනිවාර්ය වේ.
(28) දින බත්තරමුල්ල, සෙත්සිරිපාය, නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ දී පැවති මෙම මාධ්‍ය හමුව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනුර ප්‍රියශාන්ත, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඉඩම් දයානි ෆ්‍රැන්සිස්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ අනුර ප්‍රසන්න, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ චාන්දනා කළුපහන යන මහත්ම මහත්මීහු ද සහභාගී වී සිටියහ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික
මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මාදිවෙල තෙත්බිම් කළාපයේ පරිසර ආරක්ෂණ කටයුතු සහ සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.