පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මත්තල ගුවන්තොටුපළ ඉතිහාසයේ වැඩිම ගුවන් මගී මෙහෙයුම සිදු කරයි-රාජ්‍ය ඇමති ඩී.වී.චානක

    සැප්තැම්බර් 30, 2021

    පවතින කොවිඩ් 19 වසංගත තත්වය යටතේ වුවද, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මේ වන විට ඉතිහාසයේ වැඩිම ගුවන් මගී මෙහෙයුම් මේ වන සිදු කර ඇතැයි, ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

    මීට සමගාමීව ගුවන් භාණ්ඩ ප්‍රවාහනයද විශාල වර්ධනයන් පෙන්නුම් කර ඇතැයිද හෙතෙම පවසයි.

    මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට මේ වන විට පත්ව ඇත. කොවිඩ් ආරක්ෂිත ගුවන් තොටුපළක් ලෙස ද ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී තිබේ. ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් රාශියක මත්තල සමග සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්චා පවත් වමින් පවතී. මේ වන විට ගුවන් සමාගම් හතරක් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත ඵල කර ඇත. අබුඩාබි -මත්තල ගුවන් මෙහෙයුම් ඉදිරි සති කීපය තුලදී ආරම්භ කරන බවට ප්‍රකාශ කර ඇතැයිද රාජ්‍ය අමාත්‍ය චානක මහතා පවසයි.

    මෙම අදහස් ඵල වූයේ ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා මත්තල ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබදව සොයා බැලිමට පැමිණි අවස්ථා වේදීය.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මත්තල සිට නව ගුවන් ගමනාන්තයන් රැසක් ආරම්භ කරන බව පැවසීය. ඒ අතරට මත්තල - මාලේ සහ මත්තල - කසකස්ථාන් ඉක්මනින්ම ආරම්භ වන බව හෙතෙම සදහන් කරයි. මත්තල ගුවන් තොටුපල කේන්ද්‍ර කරගනිමින් ගුවන් යානා නඩත්තු ඒකකයක් ඇතිකිරීමට කැමැත්ත ඵල කළ ජාත්‍යන්තර සමාගමක් සමග සාකච්චා අවසාන අවස්ථාවේ පසුවේ.

    මත්තල ගුවන් තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරයේ විශාල වර්ධනයක් අපේක්ෂා කෙරේ. එසේම ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන හා මත්‍ය නිෂ්පාදන විදේශ වෙළද පොල වෙත ප්‍රවාහනය කිරීමද මත්තල තුලින් අපේක්ෂා කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya