පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයක් යටතට

    සැප්තැම්බර් 30, 2021

    කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිපල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් දුන්නේය.

    අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ ශ්‍රී ලංකා ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ නිරික්ෂණ චාරිකාවක යෙදුනු අමාත්‍යවරයා එහිදී පැවැති සාකචිඡාවකදී ⁣ලේකම්වරයාට මෙලෙස උපදෙස් දුන්නේය.

    අපේ රටේ ආයතන බොහෝමයක් විවිධ මාතෘකා ඔස්සේ කෘෂිකර්ම ක්ෂෙත්‍රයට අදාල පර්යේෂණ කරනවා. නමුත් ඒ පර්යේෂණවල ප්‍රතිපල ගොවියාට යන්නෙත් නෑ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නෙත් නැ. සමහර අවස්ථාවවල එකම පර්යේෂණය ආයතන කීපයකින් කරනවා. ඒවාට විශාල මුදලක් වැය වෙනවා. නමුත් ප්‍රතිපල නෑ. එළවලු බීජ 80%විතර පිටරටින් ගෙන්වනවා.⁣කැරට් බීට් ලීක්ස් බීජ අපේ රටේ නිපදවා ගන්න බැ කියල මතයක් තියෙනවා.මම දැනුවත්ව දැන් පෞද්ගලික ආයතනයක් මේ බීජ නිපදවන්න පටන් ගෙන තිබෙනවා.මිරිස් වගාව වියලි කලාපයේ සාර්ථකව වැවෙන බෝගයක් බව කීවත් මම දැන් නාවලපිටිය ප්‍රදේශයේ අක්කර සියයක සාර්ථක මිරිස් වගාවක් කරනවා. මේ නිසා කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ නැ බෑ කියන එක මුල් බැහැගෙන තිබෙන නිසා අලුතින් අත්හදා බලන්න උනන්දු වෙන්නෙ නැ.

    මේ නිසා කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ කෙරෙන පර්යේෂණ කවුරු කුමන ආයතනයකින් කලත් ඒවා මෙහෙයවීම හා අධීක්ෂණය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති එක ආයතනයකින් සිද්ධ වෙන්න ඕනා. ඒ වාගේම ඒ පර්යේෂණවල ප්‍රතිපල ගමේ ගොවියා අතට යන්න ඕන. ඒ සදහා අලුත් යාන්ත්‍රණයක් සකස් කල යුතු බවද අමාත්‍යවරයා කීවේය. සියළුම පර්යේෂණ රජයේ ප්‍රතිපත්තිවලට හා කාලීන අවශ්‍යතාවලට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධානරණය කළේය.

    කහ, නාරං පිටරටින් ආනයනය කරනවා. ඒකට විශාල මුදලක් වැය වෙනවා. නමුත් පර්යේෂකයින් කියනවා කහ, නාරං මෙරටේ සීත දේශගුණික ප්‍රදේශවල හොදින් වැවෙනවා කියල. ඒ පර්යේෂණ ප්‍රතිථල ගොවියාට යන්න ඕන. එහෙම වුනොත් පිටරට යන මුදල් ඉතිරි කර ගෙන ගොවියා ඒවා මෙහෙදී නිෂ්පාදනය කරයි යැයිද අමාත්‍යවරයා කිවේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, ජාතික කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රතිපත්ති ආයතනයේ සභාපති ඇතුලු එම ආයතනයේ ඉහළ නිළධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya