පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දුෂ්කර ගම්මානවල කෘෂි මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 255 ක්

    සැප්තැම්බර් 30, 2021

    හඳුනාගත් දුෂ්කර ගම්මාන වල ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු පහසු කරගැනීම සඳහා අත්‍යවශ්‍යව තිබූ කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 255 ක් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන තිබේ .


    ගොවීන්ට වගා කටයුතු කිරීමේදී අවශ්‍ය වන යන්ත්‍ර , උපකරණ රැගෙන යාමට සහ අස්වැන්න නෙළා රැගෙන ඒමට කෘෂි මාර්ග නොමැති කමෙන් මහත් පීඩාවක් එල්ල වී තිබුණි .
    මෙම තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු කුඹුරු ගොවිතැන් කටයුතු පහසු කරගැනීම සඳහා කෘෂි මාර්ග 227ක් සංවර්ධනය කිරීමට පියවර ගැනුණි.


    මහවැලි බී කලාපය, මහවැලි සී කලාපය, මහවැලි ඩී කලාපය හා මහවැලි ජී කලාප ඊට ඇතුළත් ය . එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කෘෂි මාර්ග 109ක්ද , වැලිකන්ද කෘෂි මාර්ග 17ක් ද, ඇලහැර කෘෂි මාර්ග 26 ක් ද මැදිරිගිරිය කෘෂි මාර්ග 24 ක්ද , තමන්කඩුව කෘෂි මාර්ග 10ක් ද , ලංකාපුර කෘෂි මාර්ග 10ක් ද, හිගුරක්ගොඩ කෘෂි මාර්ග 31 ක් ද ඊට ඇතුළත් වේ .

    මහවැලි ගොවි ජනපද පිහිටු වීමෙන් පසු වාරි ඇළ මාර්ග සංවර්ධනය කර එහි ගොවි සංවිධාන වලට ඒවා පවරා දෙනු ලැබීය . එම ගොවි සංවිධාන වලට ඔවුන්ගේ ගොවිබිම් සඳහා යාමට කෘෂි මාර්ග සකසා ගැනීමට මුදල් නොමැතිකම ප්‍රධාන ගැටලුවක්ව පැවතුණි .

    ඒ අනුව මෙලෙස හඳුනාගත් කෘෂි මාර්ග ද 227 ක් සංවර්ධනයට පියවර ගැනේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya