“ සියල්ලටම පෙර දරුවන්” යන්න මෙවර ලෝක ළමා දින තේමාවයි.
අධ්‍යාපනය අහිමි වීම, ගෝලිය වසංගත තත්වය සහ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩාවට පත්ව , නිවසටම හිර වී සිටීම හේතුවෙන් ලොව පුරා ළමුන් මහත් පීඩාවක පත්ව සිටින මොහොතක මෙවර ලෝක ළමා දිනය සමරයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය , ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී සිට සජීවීව විකාශය කිරීමට කටයුතු සැළසුම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා , ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර ජාතික උත්සවය පැවැත් වේ.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේ ළමා දිනයට සමගාමීව ජාතික සහ පළාත් වශයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවයි. දිවයින පුරා තිබෙන, ළමා නිවාස 379ක සිටින දරුවන් වෙනුවෙන් පරිගණක මධ්‍යස්ථාන ලබා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යත්ව 1500ක් , පෙර පාසල් ළමුන් වෙනුවෙන් රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීම වැනි වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවේ.
ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් රාශියක් ඔක්තොම්බර් මාසය පුරා ක්‍රියාත්මක වන බවයි.
ඒ් අනුව ඒළඹෙන ඔක්තෝබර් 05 වනදා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වැඩිදියුණු කළ ජාතික දත්ත පද්ධතිය සහ වෙබ් අඩවිය එළි දැක්වීමට නියමිතය.
ළමා සුබසාධනය වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමති දානපතියන්ට ඉදිරියේදී එම වෙබ් අඩවිය උපයෝගී කරගෙන දරුවන් වෙනුවෙන් ධන පරිත්‍යාගය කිරීම සඳහා අවස්තාව හිමි වේ. මෙම පරිත්‍යාග බදු වලින් නිදහස් වේ.
සිතුවිලි සිත්තම් නමින් චිත්‍ර තරඟ පැවැත්වීම, ඒකාංගික ටෙලිනාට්‍ය නිර්මාණය, දරුවාට සිය ආරක්ෂාව සලසාගැනීම හුරු කරන පරිගණක ක්‍රීඩා හඳුන්වා දීම, ළමයින් ආරක්ෂා කරගැනීම සම්බන්ධව වැඩිහිටියන්ට භාෂාත්‍රයෙන් වැඩමුළු පැවැත්වීම, හඳුනාගත නොහැකි ආබාධ සහිත දරුවන්ගේ ආබාධ හඳුනාගැනීමේ
ළමයින් සම්බන්ධ අපරාධ නඩු යනාදී නීතිමය ක්‍රියාමාර්ගවලදී ළමුන් සාක්ෂිකරුවන් ලෙස උසාවිය වෙත කැඳවීම වැළැක්වීම සම්බන්ධ නීතිය මෙරට තුළ බලාත්මක කරන බව අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ, අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේය.