පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ කාලය තවත් මාස 06 කින් දීර්ඝ කෙරේ - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

    ඔක්තෝබර් 01, 2021

    කල් ඉකුත් ව ඇති අදායම් බලපත්‍ර ඔක්තෝබර් 01 දිනයේ සිට නැවත ආරම්භ වන ප්‍රාදේශීය ලේකම් කාර්යයාල වලින් අලුත් කරවා ගත හැකි බවත්, කල් ඉකුත් ව ඇති රියදුරු
    බලපත්‍ර ලබා ගැනීමේ කාලය තවත් මාස 06 කින් ගැසට් නිවෙදනයක් මඟින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවත් ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා (30) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේය.


    ඒ අනුව, හෙට දිනයේ සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ප්‍රවාහන වෛද්‍ය ආයතනය, සහ අනිකුත් අංශ නැවත සිය රාජකාරි ආරම්භ කෙරෙන බවත්, සේවා ලබා ගැනීම සඳහා කාලය වෙන් කර ගැනීමට ඇති පරිගණක පද්ධතිය නැවත හෙට සිට සක්‍රීය කෙරෙන බව හෙතෙම කියා සිටියේය.

    ඔක්තෝබර් 01 දිනයේ සිට නැවත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සේවාවන් ලබා ගැනීම සඳහා එම පරිගණක මාර්ගගත පද්ධතිය ඔස්සේ හැකි වනු ඇත. ඒ අනුව කලින් වෙන්කරවගත් පුද්ගලයින්ට පමණක් ලබන සදුදා සිට එම සේවාවන් ලබා ගත හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya