පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කර්මාන්ත අංශ 19කට අදාළ හඳුනාගත් ගැටළුවලට විසඳුම්

    ඔක්තෝබර් 01, 2021

    මෙරට සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ආවරණය වන පරිදි කර්මාන්ත අංශ 19කට අදාළව, කොවිඩ් වසංගත තත්ත්වය සහ ආනයන සීමා පැනවීම තුළ මතුව ඇති සියලු ගැටලු හඳුනාගත් බවත් එම හඳුනාගත් ගැටළුවලට මුදල් අමාත්‍යංශය - මහබැංකුව - රේගුව යන පාර්ශ්ව තුන සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කර්මාන්ත අංශ 19ක උපදේශක කමිටු සභාපතිවරු හා අදාළ කර්මාන්ත අංශ නියෝජනය කරමින් පැමිණි කර්මාන්තකරුවන් සමග කර්මාන්ත අමාත්‍යංශයේ  (29) පැවති විශේෂ සාකච්ඡාවේ දී .

    මෙම සාකච්ඡාව අරඹමින් කර්මාන්ත අමාත්‍යංශය පෙන්වා දුන්නේ කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බාධාවක්ව පැවති ආනයන සීමා විශාල ප්‍රමාණයක් පසුගිය ජූනි 11 වැනිදා ගැසට් නිවේදනය මගින් ලිහිල් කර ඇති බවත් තවදුරටත් ආනයන සීමා පවතින, කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය, අමුද්‍රව්‍ය පිළිබඳ සමාලෝචනයක් සිදුකර ඒවා ගෙන්වීමට අනුමැතිය ලබාදීමට මහ බැංකුව එකඟ වී ඇති බවත් ය.

    මෙහිදී ඩොලර් ගනුදෙනුවලදී බැංකු මගින් සිදුවන ප්‍රමාද දෝෂ, ඩොලර් නිකුත් නොකිරීම ආදී ඩොලර් හා බැඳුණු ගැටලු රැසක් මෙහිදී බොහෝ අංශ නියෝජනය කරන කර්මාන්තකරුවෝ ඉදිරිපත් කළහ.

    එමෙන්ම රේගුව හරහා භාණ්ඩ ගෙන්වීමේදී මතුවන ගැටලු රැසක් ද මෙහි දී කර්මාන්තකරුවෝ පෙන්වා දුන් අතර එම හඳුනාගත් ගැටලු විසඳා දීම සඳහා මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව හා රේගුව යන පාර්ශ්වවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කඩිනමින් රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එහිදී එම රැස්වීම සඳහා Zoom තාක්ෂණය ඔස්සේ මෙම කර්මාන්ත අංශ 19 හි නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට ද තීරණය කෙරිණි.

    මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අතිරේක ලේකම් එස්. එල්. නසීර් යන මහත්වරු ද අගය එකතු කළ තේ නිෂ්පාදන අංශය, සැකසූ ආහාර නිෂ්පාදන අංශය, කොහු ආශ්‍රිත නිෂ්පාදන අංශය, කුළුබඩු අංශය, ඇසුරුම් ද්‍රව්‍ය කර්මාන්ත අංශය, රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශය, ප්ලාස්ටික් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන අංශය, මෝටර් රථ එකලස් කිරීමේ අංශය, මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින්ගේ අංශය, බෝට්ටු සෑදීමේ සහ එයට අනුබද්ධ කර්මාන්ත අංශය, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන අංශය, සෙරමික්, පෝසිලේන්, ටයිල් හා ග්‍රැනයිට් නිෂ්පාදන අංශය, තීන්ත හා තීන්ත ආශ්‍රිත නිෂ්පාදන අංශය, විදුලි හා විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදන අංශය, රූපලාවන්‍ය නිෂ්පාදන අංශය, ඖෂධ නිෂ්පාදන අංශය, පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන අංශය, සම් නිෂ්පාදන අංශය, ලෝහ ආශ්‍රිත නිෂ්පාදන අංශය යන කර්මාන්ත අංශ 19 හි උපදේශක කමිටු සභාපතිවරු හා ඒවා නියෝජනය කරන කර්මාන්තකරුවෝ ද සහභාගි වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya