පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

      විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර කිරීමට හිතකර තත්ත්වය ඇතිකරනවා- මහබැංකු අධිපති

    ඔක්තෝබර් 01, 2021

    “ආයෝජකයන්ට හිතවත්” මෙන්ම සරළ බදු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් දේශිය මෙන්ම විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර කිරීමට හිතකර තත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

    “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා මාස හයක මාර්ග සිතියම” යන මැයෙන් මහ බැංකුව විසින් සංවිධානය කර තිබූ දේශනයට අද (ඔක්තෝබර් 01 වැනිදා) සහභාගි වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මෙම ආයෝජන තත්වය වැඩිදියුණු කිරීම තුළින් ඉදිරියේ දී මෙරටට ආර්ථික අපහසුතාවක් ඇති වීමට ඉඩකඩ අවම වන අතර එමගින් ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට හැකි බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

    එමෙන්ම අප රටේ ණය තත්වය අඩු කිරීමට පූර්ව අත්දැකීම් නැවත සළකා බලන බවත්, එතුළින් ව්‍යාපාර දර්ශක වැඩිදියුණු කළ හැකි සේම ණය තත්වය අඩු කළ හැකි බවත්, එම තත්වය ළඟා කරගතහොත් ආයෝජකයන් විශේෂයෙන් සළකාබලන ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට තත්වයක් හිමි කරගැනීමට හැකියාව ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් සම්මත කරගත් නීතියද ආයෝජකයන්ට සිය ආයෝජන යෙදවීමට හිතකර පරිසරයක් ඇතිකොට තිබෙන බවත්, අනාගතයේදී මේ ආකාරයෙන්ම අනෙකුත් ව්‍යාපාර හා ආයෝජන වලටද හිතකර පරිසරයක් ඇතිකිරීමට මෙය ආදර්ශ කරගන්නා බවත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya