පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඕල්කොට් මාවතේ සිට වරාය දක්වා ඉදිකර ඇති පදික මංතීරුව වසා දැමීමට පියවර ගෙන නෑ

    ඔක්තෝබර් 02, 2021

    ඕල්කොට් මාවතේ සිට වරාය දක්වා ඉදිකර ඇති පදික මංතීරුව වසා දැමීමට පියවර ගෙන නොමැති බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

    පිටකොටුව ඕල්කොට් මාවතේ සිට කොළඹ වරාය දක්වා ඉදිකර තිබෙන ඇවිදීමේ මංතීරුව කිසිසේත්ම ඉවත් නොකරන බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අවධාරණය කරයි.

    මේ සම්බන්ධයෙන් පැතිර යන යම් යම් අසත්‍ය ප්‍රචාර නිවැරදි නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ඇවිදීමේ මංතීරුව දැනට තාවකාලිකව වසා දැමීමට පමණක් කටයුතු කර ඇති බවයි.

    “වරාය අධිකාරිය සතු ඉඩමක වරාය අධිකාරිය මඟින් සිදු කරන ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් මෙම පදික මංතීරුවේ ගමන් ගන්නා ජනතාවට යම් හානියක් සිදු වීමට ඉඩ ඇති බැවින්, මෙම පදික මංතීරුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කළා. එසේම, එම ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු වසා දැමූ මෙම මංතීරුව නැවත විවෘත කර, ජනතාවගේ සුව පහසුව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නවා. ඒ නිසා ඕල්කොට් මාවතේ සිට වරාය දක්වා ඉදිකර ඇති මෙම ඇවිදින මංතීරුව වසා දමා ඇති බවට ගෙන යන ප්‍රචාරයන් මුළුමනින් ම අසත්‍යයක්.”යනුවෙන් ද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya