පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා තේ මණ්ඩලය “World Food Moscow 2021” ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙයි

    ඔක්තෝබර් 02, 2021

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තේ ප්‍රවර්ධන ඒකකය (TPU) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ද සහයෝගය ඇතිව, 2021 සැප්තැම්බර් 21-24 දින තෙක් IEC “Crocus Expo” හි පැවැත්වූ “World Food Moscow 2021” 30 වැනි ආහාර නිපැයුම් ජුබිලි ප්‍රදර්ශනයට සහභාගී විය.

    සිලෝන් ටී ලෑන්ඩ් (පුද්) සමාගම සහ කෞෂල්‍යා ටී එක්ස්පෝට් සමාගම ද තානාපති කාර්යාලය සමඟ මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී විය.

    ලංකා තේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ මහත් උනන්දුවකින් පසුවන නරඹන්නන් විශාල ප්‍රමාණයක් විචිත්‍ර ලෙස සරසා තිබූ ලංකා තේ ප්‍රදර්ශන කුටිය වෙත ආකර්ෂණය විය. ශ්‍රී ලංකාවේ සුවිශේෂී ප්‍රදේශ හතෙන් එන ලංකා තේ, උණුසුම් තේ කෝප්පයක් වශයෙන් පිරිනැමූ එකම ප්‍රදර්ශන කුටිය මෙය විය. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ඔසරියකින් සැරසුණු රුසියානු ප්‍රදර්ශක නිලධාරිනියක විසින් ප්‍රදර්ශන කුටියට පැමිණි සියලුම අමුත්තන් වෙත නැවුම් තේ කෝප්පයක් පිරිනමන ලදී.

    රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරිනී රුවිනි මුනිදාස මහත්මිය නිල වශයෙන් ලංකා තේ ප්‍රදර්ශන කුටිය විවෘත කළ අතර, තුන්වන ලේකම් (තේ ප්‍රවර්ධන) ටිෂාන් ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට සහභාගී විය.

    “World Food Moscow” යනු සරත් සෘතුවේ දී රුසියාවේ පැවැත්වෙන විශාලතම ආහාර ප්‍රදර්ශනය වන අතර එහි දැරිය හැකි මිලක් සහිත උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදන පුළුල් පරාසයක් දැකගත හැකි ය. මෙම වසරේ දී 600 කට අධික රුසියානු සහ විදේශීය ආහාර පාන නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් පිරිසක් සිය හොඳම නව නිෂ්පාදන ආහාර වෙළෙඳපොළ විශේෂඥයන් විශාල පිරිසක් වෙත ඉදිරිපත් කළහ.

    විදෙස් රටවල් 30 ක නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් නියෝජනය කරමින් සමාගම් 110 ක් ප්‍රථම වරට මෙම “World Food Moscow 2021” ප්‍රදර්ශනයට ඉදිරිපත් වූ අතර, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 15ක් විසින් ජාතික ප්‍රදර්ශනාගාර සංවිධානය කෙරිණි. රුසියාවේ කලාප 59 ට අයත් සමාගම් විසින් මෙම දේශීය ප්‍රදර්ශනය ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya