රජය බලයට පත්වීමෙන් පසු සිදුකරන ලද විශාල සංවර්ධන යෝජනාක්‍රම අතර ධීවර ක්ෂෙත්‍රයේ සිදු කරන ලද විශාලතම සංවර්ධන ව්‍යපෘතියක් ලෙස වෙල්ලමංකර ධීවර වරාය ඉදිරිකිරීම සැළකිය හැකිය. ධීවර වරාය ඉදිකිරීමෙන් පසු ජනතා අයිතියට පත්කිරීම එලැඹෙන නොවැම්බර් මස සිදුකිරීමට බලාපොරොත්තුවේ. නිමවෙමින් පවතින වැඩ කටයුතු පිළිබද සොයා බැලීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහාතා පසුගිය දින එහි නිරීක්ෂණයක නිරතවිය.
මෙම වරාය ශ්‍රී ලංකාවේ දැනට විශාලතම ධීවර වරාය ලෙස සැලකෙන දික්ඕවිට ධීවර වරායට වඩා විශාලත්වයෙන් වැඩි අතර මෙහි විශාල ධීවර බෝට්ටු නැවැත්විය හැකි අතර බහුදින ධීවර යාත්‍රා 800කට පමණ නැංගුම්ලෑමට හැකියාවක් ඇත. විශාලතම දියකඩනයක් සහ ධීවර වරායක් සතු සියළුම අංගෝපාංගයන්ගෙන්ද, වරාය කළමණාකාර හා සේවක නේවාසිකාගාරයන්ද, ආපනශාලාවක්ද, වෙරළ ආරක්ෂ බලකා ඒකකයකින්ද මෙම ධීවර වරාය සමන්විත වේ.
මීගමුව කලාපයේ ධිවරයන්ට පමණක් නොව මෙරට බහුදින යාත්‍රා ඇතුළු අනෙකුත් ප්‍රදේශවල ධීවරයන්ටද මෙම ධිවර වරාය මගින් සහන සැලසෙනු ඇත. වෙල්ලමංකර ධිවර වරාය විවෘත කිරීමත් සමග එම ප්‍රදේශයේ නව වෙළද සංකීර්ණයක් ගොඩනැගීම නිසා ප්‍රදේශයේ ජනතාවට විශාල ආදායම් මාර්ගයන්ද ලැබෙනු ඇත. මෙම ධිවර වරාය ඉතා අලංකාර ධීවර වරායක් වන බැවින් ඉදිරි කාලයේදී සංචාරක කර්මානතය ආරම්භ කළ විට මෙම ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙසද සංවර්ධනය කිරීමටද හැකියාවක් පවතී.
මෙහිදී වරාය නිරීක්ෂණය කරමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ ,අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ අවධානය මෙම ධීවර වරාය ඉදිකිරීම කෙරෙහි යොමු වී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය යෙදී ඇති නොවැම්බර් මාසයේදී මෙම ධීවර වරාය විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ය.
එසේම කඩිනමින් මෙම වරායේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙසට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද නිළධාරීන්ට සිය ස්තුතිය පුද කළේය.
මෙම අවස්ථාවට සහභාගී වු පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ, මෙම වරාය හේතු කොට ගෙන වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාශයේ විශාල සංවර්ධනයක් සිදු වන බවත්, මෙහි මාර්ග පද්ධතියේ වැඩ නිම කිරීම හා ජලනල පද්ධතිය ගොඩනැගීම සදහා තමන් ද අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවත් ය . එසේම ධීවර අමාත්‍යවරයා මෙම වරාය වෙත පැමිණ අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබද සිය ස්තුතිය පුද කරන බවද පැවසීය. මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිළධාරීන් රැසක් සහභාගී විය.