පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මියන්මාරයේ ජනතාවගේ දියුණුව හා සමෘද්ධියට ශ්‍රී ලංකාවේ අතහිත

    ඔක්තෝබර් 02, 2021

    ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මහතා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවිය.

    මහාචාර්ය පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව එතුමාට සුබ පතමින්, මියන්මාරයේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි වසර දෙක තුළ දී නිදහස් හා සාධාරණ බහු පක්ෂ මැතිවරණයක් පැවැත්වීම ඇතුළුව රටේ සාමාන්‍ය තත්වය ඇති කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා විදෙස් අමාත්‍යවරයා දැනුවත් කළේය.

    අමාත්‍ය පීරිස් මහතා දෙරට අතර ඓතිහාසික සබඳතා සිහිපත් කරමින්, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින සමීප ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන කුළුණු වන්නේ බුදු දහම සහ සංස්කෘතිය බව සඳහන් කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මියන්මාරයේ සමාජයීය හා දේශපාලන ස්ථාවරභාවය සඳහා ශ්‍රී ලංකාව දැඩි ලෙස සහයෝගය දක්වන බවත්, මියන්මාරයේ ජනතාවගේ දියුණුව හා සමෘද්ධිය සඳහා මෙම දෙවැනි කරුණ අත්‍යවශ්‍ය වන බවත් මහාචාර්ය පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ මියන්මාර තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya