පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයටත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්

    ඔක්තෝබර් 02, 2021

    බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව ඇරඹෙන VTA පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු ඇරඹේ.

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානය අන්තර් සහයෝගයෙන් යුතුව ගොඩනැගෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම 29 වන දින බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති, අතිගෞරවනීය, පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති,ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා විසින් සිදු කරනු ලැබීය.

    එම අවස්ථාව වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපන ,නිපුණතා සංවර්ධන,පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ සහභාගී වීම ද සිදු විය.

    වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය විධිමත් කිරීමේ හා ඔවුන්ට අධ්‍යාපනික පහසුකම් නිසි පරිදි ලබා දීමට කටයුතු කිරීමේ අරමුණෙන් යුතුව බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද බෙල්ලන්විල ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේ හා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති,ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා අතර පසුගිය දිනක පැවැත්වූ සාකච්ඡාව පෙරදැරි කර ගනිමින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිම සිදු විය.

    මෙහිදී බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමිය තුළ පිහිටි ගොඩනැගිල්ලක වෘත්තීය පුහුණු අධිකාරිය විසින් මෙහෙයවන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරිමට සිදු කරන සැළසුම් කඩිනමින් අවසන් කර ගනිමින් වෘත්තීය පුහුණුව හදාරන දරුවන්ට මෙම අවස්ථාව ලබා දීමට ද සාකච්ඡා කෙරිණි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව බෙල්ලන්විල රාජ මහා විහාරය වෙනුවෙන් මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය ද, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් සභාපති , උපසභාපති,අධ්‍යක්ෂ ජනරාල් ඇතළු නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya