මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇත. ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, විදේශ ලේකම් ෂ්‍රින්ග්ලා මහතාගේ වැඩ සටහනට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, මුදල් අමාත්‍යතුමා සහ විදේශ අමාත්‍යතුමා ද හමුවීමට නියමිතය.
මෙහි පැමිණෙන විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ද සංචාරය කිරීමට අපේක්ෂා කරයි.
ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.
විදේශ අමාත්‍යාංශය