කරවල, හාල්මැස්සන් හා උම්බලකඩ ආනයනය කිරීමට මෙතෙක් රජය විසින් පනවා තිබූ නීති ලිහිල් කරමින් මින් ඉදිරියට කරවල ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවශ්‍ය අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යවරයා
හා කරවල ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඔක්තෝබර් 01 දා ධිවර අමාත්‍යාංශයේදි පැවති අතර එහිදී අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක හා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්ම මහත්මීන්ට මෙම උපදෙස් ලබා දුනි.
මෙම අවස්ථාවට කරවල ආනයනකරුවන්ගේ සමූපකාර සමිතියේ සාමාජිකයන් ද එක්වූ අතර එහිදී කරවල ආනයනයේදී දැනට ඔවුන් මුහුණපාන ගැටලු රාශියක්ම ආනයනකරුවන් වීසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දුන්නේ ය.