මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධීවර අමාත්‍යංශය මේ බව පවසයි.
කෙටුම්පත් කරන ලද නව ධීවර පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඔක්තෝබර් 01 වන දින ධිවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය අමාත්‍ය කංචන
විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.
මෙහිදී දැනට ක්‍රියාත්මක වන ධිවර පනත තුළ මෙරට ධිවරයින් මෙම නීති රීති උල්ලංඝණය කළහොත් ඔවුන්ට ලැබෙන දඩුවම් ප්‍රමාණය පිළිබඳව මෙන්ම ඒවායේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිනි.
ඒ අනුව එම අඩුපාඩු සකස් කර නව සංශෝධන ඇතුලත් කර පනත හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක
මහත්මියට හා අමාත්‍යාංශයේ නීති නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. කඩිනමින් මෙය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඉන් අනතුරුව යුරෝපීය සංගමයේ සමාජික රටවල් වෙතද යැවීමට තීරණය විය.
ඒ අනුව මත්ස්‍ය අපනයනයේදී ජී.එස්.පී. සහන ලබා දීම සම්බන්ධයෙන් යුරෝපීය සංගමයේ සාමාජිකයන් ඇතුළු අනෙකුත් රටවල් සළකා බලනු ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.