පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 79කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

    ඔක්තෝබර් 03, 2021

    නාවික හමුදාව මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ 2021 ඔක්‍තෝබර් මස 01 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 09 ග්‍රෑම් 920ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු ප්‍රදේශය සහ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ඵුස්සදේව ආයතනය මගින් මන්නාරම පොලීසිය හා එක්ව 2021 ඔක්‍තෝබර් මස 01 වන දින රාත්‍රියේ මන්නාරම මුරුන්කන් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී, සැක සහිත ලොරි රථයක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම ලොරි රථයේ පිටුපස තට්ටුවෙහි යට කොටසේ සූක්‍ෂම ලෙස සකස් කරන ලද විශේෂ කුටීරයක සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 10ක අසුරන ලද අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 09 ග්‍රෑම් 920ක පමණ ප්‍රමාණයක් සමඟ එම ලොරි රථය සහ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

    මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 79කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

    කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 සහ 42 යන වයසේ පසුවන වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ලොරි රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මුරුන්කන් පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

    SL Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya