පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධි අපේක්ෂකයන්ට හඳුන්වා දෙන අලුත් ම අත්දැකීම - “විදුමිණි”

    ඔක්තෝබර් 03, 2021

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයත්, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයත් එක්ව සංවිධානය කරනු ලබන නවතම වැඩසටහනක් ලෙස ‘විදුමිණි නිපුණතා අභිවර්ධන ප්‍රයාසය’ වර්ෂ 2021ක් වූ ඔක්තෝම්බර් මස 01වැනි දින ආරම්භ විය.

    පීඨයේ බාහිර උපාධි අපේක්ෂකයන් සඳහා අභිනවයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් විද්‍යාර්ථීන්ගේ නිර්මාණ කෞශල්‍යය ඔප් නැංවීම, දැනුම සහ කුශලතා වැඩි දියුණු කිරීම, ප්‍රජා සංවර්ධන කර්තව්‍යයයන් සඳහා නැඹුරු කිරීම මෙන්ම වෘත්තිය නිපුණතා වර්ධන කිරීම අරමුණු කොට ගෙන ඇත.

    පවතින වසංගත තත්ත්වය හමුවේ වුව ද බාහිර උපාධි අපේක්ෂකයන්ට ද සිය ශක්‍යතා සහ දක්ෂතා ප්‍රකට කිරීමට අවස්ථාව උදා කර දීම මේ වැඩසටහනේ එක් ප්‍රමුඛාර්ථයක් විය යුතු බව විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ අදහස විය. ඒ අනුව මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට අනුබද්ධ ව බිහි කෙරෙන බාහිර උපාධිධාරි විද්‍යාර්ථීන් මෘදු කුශලතා සංවර්ධනය මඟින් වඩාත් පරිපූර්ණ වූද, නිර්මාණශීලි වූද, වෘත්තිය නිපුණතාවෙන් යුක්ත වූද උපාධිධරයන් ලෙස සමාජගත කිරීම මෙහි ප්‍රධාන අභිමතාර්ථය වේ.

    එම අධ්‍යාශයෙන් යුතු ව ක්‍රියාත්මක වන මේ වැඩසටහන සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය යි. මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා, බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය පූජ්‍ය පින්නවල සංඝසුමන ස්වාමීන් වහන්සේ, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා අධ්‍යයන මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාන්ත විජේසිංහ යන අය මෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කරති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya