ඔහු මෙම සංචාරය සිදු කරනුයේ ශ්‍රී ලංකාවේ විදේශ ලේකම්ගේ ආරාධනයකට අනුවය.
ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා (03) ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කළ අතර දෙරටේ බලශක්ති හවුල්කාරිත්වය පිළිබඳව නිලධාරීන් විසින් ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කරන ලදී.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ”විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වෙත පැමිණියා. පහළ ටැංකි සංකීර්ණයේ සිදු කෙරෙන සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ ශක්‍යතා පිළිබඳව LIOC නිලධාරීන් ඔහුට විස්තර කළේය.
මීට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියේ ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් ගන්නා බවයි.
විදේශ ලේකම්ගේ සංචාරය තුළින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කිරීමටත් සුහද සබඳතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කෙරේ
මෙම සංචාරය තුළින් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනයටත්, ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතීන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, වසංගතයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් විදේශ ලේකම්වරයා අපේක්ෂා කරයි.