පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය ආරම්භ කරේ

    ඔක්තෝබර් 04, 2021

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා සහභාගී වන ඉන්දියානු යුද හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 102 දෙනෙකු (ඔක්තෝම්බර් 02 ) දින දහවල් ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් යානයකින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී.

     

    ඉන්දියානු යුද හමුදාවේ කර්නල් ප්‍රකාශ් කුමාර් මහතාගේ නායකත්වයෙන් පැමිණි එම භට පිරිස් මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් පී එන් ගොඩැල්වත්ත මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක විසින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි පිළිගන්නා ලදී.

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂක ලෙස 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා කටයුතු කරනු ලබයි.

    අම්පාර සටන් පුහුණු පාසලේ දී මිත්‍ර ශක්ති ඒකාබද්ද යුධ අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා ඇතුළු යුද හමුදා ජේෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් එම ඉන්දියානු යුද හමුදා භට පිරිස් මහත් හරසරින් යුතුව නැවත පුහුණු අභ්‍යාසය සඳහා පිළිගන්නා ලදී.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සමග සිදුකරන මෙම අභ්‍යාසය අම්පාර සටන් පුහුණු පාසලේ දී කොවිඩි 19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජෛව බුබුලක් ලෙස සති දෙකක් පුරාවට ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya