මෙහිදී අදාළ රෝහලෙන් සේවා ලබාගන්නන් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් සපයාදීම වෙනුවෙන් මීට ප්‍රථම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් අනුමැතිය පදනම් කරගෙන එම කාර්ය කඩිනමින් සිදුකිරීම සදහා අවශ්‍ය වන වත්කම් හුවමාරුව , දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු සාකච්ඡා වු අතර, නායයෑමට ලක් වු දොලොස්බාගේ ප්‍රාදේශීය රෝහල සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරයා අතර කරුණු සාකච්ඡා විය.
ඒ අනුව එම රෝහලේ අළුත්වැඩියා කටයුතු කඩිනම් කරමින් ජනතාවට සුරක්ෂිත පරිසරයක් තුල සේවාවන් ලබාගැනීම සදහා ඉදිරි කටයුතු සැලසුම් කිරීම ද මෙහිදී සිදුවිය. පළාත තුල පවතින සෞඛ්‍ය සහ හෙද කාර්ය මණ්ඩලවල හිඟය සම්බන්ධයෙන් සහ කාර්ය මණ්ඩල හිගය නිසා දැනට වසා දමා ඇති රෝහල් සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාක්ච්ඡා වු අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාවකටද දින නියම විය.
මෙම සාකච්ඡාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන්.ජයවික්‍රම, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය යන මහත්වරුන් ද එක් ව සිටියේය.