පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    යොහානිට නිසි ගෞරවය ලබා දෙන්න රජය සූදානම් - රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

    ඔක්තෝබර් 04, 2021

     ලොව පුරා  මේ දිනවල කතාබහට ලක්ව ඇති නව පරපුරේ ගායන ශිප්පිණී යොහානිද සිල්වා ගායිකාවට රාජ්‍ය සම්මානයක් ලබා දී ඇයට නිසි අභිමානයක් සහ ගෞරවයක් පුදකිරීමේ වැඩපිළිවෙලක් සඳහා රජය කටයුතු කරමින් සිටින බව සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    තවද ඉදිරියේදී මෙවැනි කලාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත්, එවැනි කලාකරුවන්ට ජීවිතය පුරා ගෞරවයක් සහ අභිමානයක් සහිතව ජීවත් වීමට හැකි වන පරිදි අවශ්‍ය ගෞරවය පුද කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව කලා ක්ශේෂත්‍රයේ සියළු දෙනාටම නිසි අභිමානයක් සහිතව ජීවත් වීමට අවශ්‍ය කටයුතු සළසන බවද කීය.

    කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කලාකරුවන් සහ ශිල්පීන්ට විශාල පහරක් ලැබුණු ලැබුණු බවත්, කලා කරුවන් සහ ශිල්පීන් වෙනුවෙන් රජය ලබා දුන් සහණ කිසි සේත්ම ප්‍රමාණවත් නොවන බව තමා පිළිගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මෙවර අයවැයෙන් ඒ සඳහා වැඩි ඉඩක් වෙන් කරන බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    කලාකරුවන් වෙනුවෙන් රජය , යම් යම් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළද එයද අතරමගදී ඇණ හිටි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අවධාරණය කළේය. විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කර සංගීත ප්‍රසංග නැවත පැවැත්වීම , චිත්‍රපට ශාලා විවෘත කිරීම, බලි තොවිල් ආදී සංස්කෘතික උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර අති බවත් ඉදිරි සති දෙක ඇතුළද මේ සම්බන්ධයෙන් අවසාන තීරණයකට එළැඹෙන බවද කීය.

    මෙරට චිත්‍රපට සංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුව් NVQ සහතික පත් ලබා දෙමින් චිත්‍රපට සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළ නගා සිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. දැනට මෙරට සංරක්ෂණය කර ඇති චිත්‍රපට සංඛ්‍යාව 603 කි. ජාතික චිත්‍රපට සංස්ථාව මගින් චිත්‍රපට 270ක්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව චිත්‍රපට 215ක් සහ පෞද්ගලික අංශ සංරක්ෂණය කළ චිත්‍රපට 18ක් වශයෙනි.

    මේ සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම් වැඩිදියුණු කරමින් සහ සුදුසුකම් සහිත කාර්ය මණ්ඩලය පුහුණු කිරීමට ඉදිරියේදී සැළසුම් කර ඇතැයිද වික්‍රමනායක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya