මෙම කොවිඩ් මර්දන වැඩපිළිවෙළට සමගාමීව ග්‍රාමීය මට්ටමේ රෝහල් කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇත්තේ, එම ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන්ට
කඩිනමින් ප්‍රතිකාර ලබා දීමේ අරමුණෙනි. ඒ අනුව ප්‍රාථමික සත්කාර ඒකක හා මූලික රෝහල් පද්ධතියට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
මිහින්තලේ, තම්මැන්නාව, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ගලෙන්බිඳුණුවැව හා හුරුළුවැව රෝහල්වලට හා මිහින්තලේ, කහටගස්දිගිලිය, හොරොව්පතාන හා ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලටත් අවශ්‍ය භාණ්ඩ හා වෛද්‍ය උපකරණ ලබා දීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු විය.
එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ ආයතනවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල මුණගැසී ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමද සිදු විය.