ඩිජිටල්කරණ නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා අමාත්‍යතුමාගේ ඩිජිටල් අත්සන තබමින් නිල වශයෙන් ඩිජිටල් අත්සන් භාවිත කිරීමේ වැඩ සටහන ආරම්භ කරන ලදී.
කොවිඩ්-19 වැනි වසංගත අවස්ථාවන්වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබා දීම මෙහි ප්‍රධානතම අරමුණ වේ. ඩිජිටල් අත්සන ISO 27001:2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්‍ෂිත, පහසු හා ලාභදායී විසදුමක් වන අතර 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමක් වේ.
ඉදිරියේදි අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි, ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබාදීමට අපේක්ෂා කෙරේ.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තුෂාර සුරවීර, LankaClear සමාගමේ සභාපති අචාර්ය කෙනත් ද සිල්වා, එහි ප්‍රධාන විධායක නිලධාරී චන්න පෙරේරා, අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් නීතීඥ ජනක රණතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.