මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ නිසි පරිදි පානීය ජලය නොමැතිවීම නිසා දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවුනා. මේ සඳහා විවිධ වූ යෝජනා සැලැසුම් ක්‍රියාත්මක වුවද එය ඵලදායී නොවු බැවින් අධික පිරිවැයක් දරා හෝ මෙම උතුරේ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් මෙම දැවැන්ත ව්‍යාපෘතිය යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබ තිබෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස යාපනය අර්ධද්වීපයේ පානීය ජල ගැටළුව 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් විසඳෙන අතර මුල් අදියරේ දී පමණක් පවුල් ලක්ෂ 03 කට පමණ මෙමඟින් සෙත සැලසෙන බවද අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ මූලික වටයේ දී නාගදීප මුහුදු ජල පවිත්‍රගාරය, තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය, යාපනය නගර බෙදාහැරීමේ පද්ධතිය ලෙස යෝජනා ක්‍රම 03 ක් ක්‍රියාත්මක වේ. නාගදීප පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් නාගදීපය, ඉලුවතිව් සහ අනලතිව් යන දූපත් වල වෙසෙන නිවාස 1,500 කට ප්‍රතිලාභී පවුල් වශයෙන් පවුල් 6,000 කට නල මඟින් ආරක්ෂිත පානීය ජලය ලබාදීම සිදුකෙර්. ඒ සඳහා වැයවන මුදල රු. මිලියන 187 කි. මෙහි දෙවන අදියර එනම් නාගදීප පිරිපහදු පද්ධතියේ සිට නාගදීප, ඉලුවතිව් හා අනලතිව් දූපත් වලට නල මඟින් ජලය ගෙනයාම සඳහා කිලෝමීටර විසිපහක බෙදාහැරීමේ නල පද්ධතිය එළීම ද මෙයට සමගාමීව ආරම්භ කෙරේ. ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම රු.මිලියන 34 කි.
රු. මිලියන 19,000 ක පමණ විශාල පිරිවැයක් දරා ඉදිකරනු ලබන තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය මෙම ව්‍යපෘතිය යටතේ සිදුකරන දැවැන්තම යෝජනා ක්‍රමයයි. මෙමඟින් නිවාස 12,000 ක වාසය කරන, 60,000 ක් පමණ වන ජනතාවකට නල මඟින් ආරක්ෂිත පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු සිදුකෙරේ.
මෙයට සමගාමීව ඉදිකෙරන තාලෛඩි ජල පිරිපහදු පද්ධතිය නල ජලය දසැපයෙන යාපනය නගර සීමාව සහ තදාසන්න ප්‍රදේශවලට නල ජලය බෙදාහැරීම සඳහා වන නල ජල පද්ධතිය මඟින් රු. මිලියන 3,160 ක් වැයකර පවුල් 28,000 ක් වෙසෙන 60,000 ක පමණ ජනගහණයට ආරක්ෂිත නල ජල පහසුකම් ලබාදීමට හැකියාව ලැබී ඇත. මෙම පද්ධතියේ දුර ප්‍රමාණය කි.මී. 271 වේ.
මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ජල සම්පාදන අමාත්‍යාංශයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සිදුකෙරේ.