පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ආචාර්ය ශිරාන් දැරණියගල සමුගනී - මෙරට දැවැන්ත පුරාවිද්‍යාඥයන්ගේ පරපුරේ අවසන් පුරුක ගිලිහුණා - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්

    ඔක්තෝබර් 05, 2021

    හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මෙන්ම, විශිෂ්ඨ ගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයෙකු සහ ප්‍රාග් ඉතිහාසය පිළිබදව මහා ප්‍රාඥයෙකුවන ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.

    මේ පිළිබදව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අඳහස් දක්වමින් වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා කියා සිටියේ, මෙරට දැවැන්ත පුරාවිද්‍යාඥයන්ගේ පරපුරේ අවසන් පුරුක ගිලිහුණු බවයි.

    මිය යන විට ඔහු 79 වන වියේ පසුවී ඇති බවත්, කුරුවිට එක්නැලිගොඩ නිවසේ දී ඔහු ස්වාභාවිකව මියගොස් ඇති බවද අනුර මනතුංග මහතා කියා සිටියේය.

    මේ වන විට පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට දේහය රෝහල වෙත රැගෙනගොස් ඇති අතර අවසන් කටයුතු සිදුකිරීම පිළිබදව පී සී ආර් පරීක්ෂණ වාර්තාව අනූව තීරණය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    කීර්තිමත්, ශාස්ත්‍රීය, උගත්, බුද්ධිමත් පරම්පරාවකින් පැවත එන ශිරාන් දැරණියගල මහතා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙවරක් කළ තැනැත්තෙකු බවද, ඔහුගේ පියා වන කීර්ති දැරණියගල මහතා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ බවද අනුර මනතුංග මහතා සිහිපත් කළේය.

    මෙරට පුරාවිද්‍යාවට අනගිභවනීය මෙහෙයක් ඉටුකර නික්ම ගිය ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතාට නිවන් සුව පතමු..!

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya