පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් විවෘත කිරීමටයි-අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 05, 2021

    අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ ළමුන් 200ට අඩු ප්‍රාථමික පාසල් විවෘත කිරීමට බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබී ඇති බවත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ් අනුව මෙවර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කළින් නියම කරගත් දින වලදී පැවැත් වීමට නොහැකි වු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    2020 වර්ෂයෙන් පාසල් පැවැත් වෙන දින 210 න් පාසල පැවැත් වීමට හැකි වූයේ දින 65ක් පමණක් බවත් මෙම වසරේ බස්නාහිර පළාතේ පාසල් පැවැත් වූයේ දින 05ක් පමණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    තවද විශ්‍රාම ගිය ගුරුවරුන්ගේ වැටුපට වැඩි කළ වැටුප ඒක් නොවීමේ ගැටළුවටද ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් මගින් ඒම ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya