විවාදය ආරම්භ කළේ, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
නිදහසින් පසු වැඩිම අභියෝගයන්ට මුහණ දුන් ජනාධිපතිවරයා වන්නේ, හිටපු ජනාධිපති වත්මත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් ඊටත් වඩා වැඩි අභියෝග රැසකට වත්මත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුහුණ දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
කොව්ඩ් වසංගතය හේතුවෙන් ප්‍රධාන අර්බුද කිහිපයකට රට මුහුණ දී ඇතැයි පැවසූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, කොවිඩ් වසංගතය හේතුවෙන් එදිනෙදා කටයුතු සඳහා දරණ වියදම් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් රාජ්‍ය මූල්‍ය පිළිබඳව විශාල අර්බුධයක් සහ ඩොලර් අර්බුදයක් ද ඇති බවත් පෙන්වා දුන්නේය.
පවතින මූල්‍ය අර්බුදය හමුවේ අයවැය ඉදිරිපත් කර ආදායම් වියදම් කළමණාකරණය කරන්නේ කෙසේ ද යන අභියෝග හමුවේ ගැසට් නිවේදන ඉදිරිපත් කර මෙසේ පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
සිනමාකර්මාන්තය අද වන විට කඩා වැටී ඇති බවත් , සිනමාකරුවන් , සංගීතක්ඥයින් ඇතුළු කලාකරුවන් මහත් අසීරුතාවට පත්ව ඇතැයි පෙන්වා දුන් වෙළෙඳ අමාත්‍යවරයා, යොහානි නව පරපුරේ ගායන ශිල්පියට සුභපතන අතරම ස්වජාතික කලාකරුවන්ට මෙම ගැසට් නිවේදනය හරහා විශාල අවස්ථාවක් ලැබෙන බවද , අපනයන දිරිගැන්වීම සඳහා ද මේ හරහා අවස්ථාව ලැබෙන බවද වෙළෙඳ අමාත්‍යවරයා කීය.