පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රට යථා තත්වයට පත්වෙද්දි නැවත ගුරුවරු පාරට බැස්සවීමට කටයුතු කිරීම පිළිබඳව ජනතාව අවදියෙන් සිටිය යුතුයි - අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන

    ඔක්තෝබර් 05, 2021

    වර්තමානය වන විට රට ජනාධිපතිතුමාගේ කොවිඩ් මර්ධන වැඩපිළවෙල යටතේ යථා තත්වයට පත්වෙමින් තිබෙන මේ මොහොතේ ගුරුවරුන් පාරට බස්සවා රට සහ ජනතාව අනතුරේ හෙළීම පිළිබඳව පොදු මහජනතාව අවබෝධයෙන් කටයුතු කළයුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කර සිටියේය.

    එහිදී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා අදහස් දක්වමින්;


    “හෙට ගුරුවරු විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලැස්තිවෙනවා කියලා ආරංචියක් තිබෙනවා. අපි ඉතාම කනගාටුවෙනවා පසුගිය කාලයේදි කොරෝනා වසංගතය අඩු මට්ටමක තියෙන වේලාවක තමයි මේ ගුරු සංවිධාන එකතුවෙලා පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න පටන්න ගත්තේ. මෙම උද්ඝෝෂණ, කොරෝනා නිති රිති පිළිපදින්නේ නැති නිසා තමයි අපේ රටේ ඉහළම තත්වයට කොරෝනා වසංගත රෝගින් හා මරණ වැඩි වුණේ.

    මේ වැක්සීන් සොයා ගත්ත රටවල්වලට වඩා වැඩියෙන් ඉතාම ඉදිරියෙන් අපි එන්නත්කරණය සිදු කරනවා. මේ වන විට අපේ රෝගීන් ගණන සහ මරණ සංඛ්‍යාව අඩුවෙමින් පවතිනවා. එහෙම තත්ත්වයක් තිබෙන අවස්ථාවක නැවත ජෝසප් ස්ටාලින්ලා , ජයසිංහලා පාරට බැහැලා කරන්න හදන දේ පිළිබඳව ජනතාව අවදි විය යුතුයි.

    ඇතැම් විපක්ෂ නායකවරු අද කුඹුරුවලට බැහැලා බොරුවට රඟපෑවට මේ කොරෝනා වසංගතයට කිසිම සහයෝගයක් දුන්නේ නෑ” යනුවෙන් කි අමාත්‍යවරයා,

    වත්මන් රජය ගොවි ජනතාව ගැන බලා ගන්නවා පමණක් නොව ඒ කටයුතු ද නිසියාකාරව සිදු කරනු ලබන බවත්, ඉතිහාසයේ කිසිදින නොකළ ග්‍රාමිය පාරවල් සංවර්ධනය කිරීම්, වී මිල රුපියල් 55 දක්වා වැඩි කර ගොවි ජනතාව වෙනුවෙන් කළයුතු දේ සිදු කිරීමට කටයුතු කිරීම වැනි කරුණු කාරනා සම්බන්ධව සංවේදීව කටයුතු කරන බවත් මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

    එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ;

    “අපේ රටේ වගේම ලෝකයේම ප්‍රධාන ප්‍රශ්නය මේ කොවිඩ් වසංගතයට මුහුණදීමයි. ඒ සඳහා අපිට තියෙන ප්‍රධාන අවිය තමයි එන්නත්කරණය. එන්නත්කරණ මඟින් තමයි මේ රට , ලෝකය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව අපි අද වෙනකොට අපේ රටේ එන්නත් කිරීමේ ප්‍රගතිය ප්‍රශංසනීය තත්වයක තිබෙනවා. ඒ පිළිබඳව රජයට, ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, සෞඛ්‍ය අංශ ආදි සියලුම අංශවලට ස්තූතිය පුද කරනවා. අපේ ජනගහනයෙන් වයස අවුරුදු 20 ට වැඩි 98% කට ( ලක්ෂ 145 ට) පළමු එන්නත ලබා දී අවසන් වී තිබනවා. ඒ වගේම දෙවන එන්නත 20 ට වැඩි 80% ට (ලක්ෂ 118ට) එන්නත්කරණය ලබා දී තිබෙනවා. අපේ රට මේ එන්නත්කරණයේදි සුවිශේෂි ආකාරයට අපේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සම්න්ධයෙන් අපි සතුටු වෙනවා" යනුවෙන් කියා සිටි හෙතෙම, වර්තමානයේ කතාබහට ලක් වී ඇති පැන්ඩෝරා වත්මන් ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව ඒ සම්බන්ධව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ විසඳා ගත යුත්තක් වන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගැටළුවක් බවට හුවා දැක්වීමට කටයුතු නොකරන ලෙස විශේෂයෙන්ම විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya