පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දරුවන්ට ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිදුකරන තර්ජන කිරීම් පිළිබඳ විමර්ශන-බලපෑම් කළොත් පැමිණිලි කරන්න- පොලීසිය

    ඔක්තෝබර් 05, 2021

    පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරමින් අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරුන්ගේ කාර්යභාරයට බාධා කරමින් ඔවුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් සිදු කරන බලපෑම්වලට එරෙහිව පොලිස් විමර්ශන සිදු කෙරේ.

     කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් ගමන නතර කර දැමීමට සිදු වූ දූ දරුවන්ට එකම විකල්පය ලෙස පැවතුනේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ තම අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමටය.

    එහෙත් ඇතැම් ගුරු සම්ගම් කීපයක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩකප්පල් කරමින් ක්‍රියාත්මක කරන වර්ජනය හේතුවෙන් දරුවන් මෙන් ම දෙමව්පියන්ද බලවත් පීඩාවට පත්ව තිබේ,

    මේ තත්ත්වය අවබෝධකරගත් රජය ගුරු ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට එකඟ වූ අතර තවදුරටත් දු දරුවන් පීඩාවට පත් කරමින් වර්ජනය කිරීම දරුවන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බව දෙමව්පියවරු පවසති.

    මේ අතර මෙම සංගම්වල විරෝධය නොතකමින් බොහෝ ගුරුවරු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්ධව පොලිසිය විමර්ශන සිදු කරන බවත් කිසියම් බලපෑමක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ළඟම පිහිටා ඇති පොලිස් ස්ථානයට හෝ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස දන්වා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya