ඇය මේ බව කියා සිටියේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙනේතුවේදී පරිසර විෂබීජහරණය සහ කොවිඩ් 19 යන මැයෙන් පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විවෘත අවකාශයක හිරු එළිය, සුළග වැනි පරිසර කාරක සමග කිසිම කෙනෙකුට ජීවානුහරණ තත්ත්වයක් ලබාගත නොහැකි බවද, එම නිසා විෂබීජහරණය සිදුකිරීමට යාමෙන් අනවශ්‍ය ලෙස පරිසරයට ක්ලෝරීන් වැනි ද්‍රව්‍ය එකතු කරගත යුතු නොමැති බවද ඇය අවධාරණය කළේය.
කිසිම හිතකරත්වයක් නොමැති විෂබීජහරණයට යොමුවනවාට වඩා ප්‍රමිතියක් සහිත මුඛ ආවරණයක් නියමිත පරිදි පළදිමින්, නියමිත අවස්ථා වලදී මාරු කරමින් නිවැරදි ලෙස පැළදීමත්, නිතර දෑත් පිරිසිදු කරගැනීම අවශ්‍ය පෘෂ්ථ පිරිසිදු කරගැනීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම මගින් විදෙස් රටවල් රෝගය පාලනය කළ පරිදි අප හටද එය පාලනය කරගත හැකි බව වෛද්‍ය ශිරානි චන්ද්‍රසිරි මහත්මිය පැවසුවය.
කොවිඩ් 19 රෝගය බෝ වනුයේ සාස් කොවිඩ් 02 නැමති ඔටුන්නක් හැඩති විශේෂ වෛරසයකින් බවත්, මෙය කෙනෙකුගේ කතනයේදී මෙන්ම කැස්ස මගින් මුඛ ආවරණ නිවාරදිව පැළද නොසිටි අවස්ථාවක විශාල කෙළ බිදිති ඔස්සේ අපගේ ශ්වසන මාර්ගයට ඇතුළු වී අපගේ ජීවී සෛල ආශ්‍රිතව ගුණනය වීමේ හැකියාව පවතින බව මෙහිදී අදහස් දක්වමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විෂබීජ විද්‍යාව පිළිබද වෛද්‍ය උපදේශක වෛද්‍ය ජූඩ් ජයමහ මහතා අවධාරණය කළේය.
වැරදි තහවුරු කිරීම් හේතුවෙන් විශාල වශයෙන් වාතයට ඇල්කොහොල් හෝ ක්ලෝරීන් මුදාහැර වෛරසය සම්පූර්ණයෙන් මැරිය හැකි බවට වැරදි මතයක එල්බ සිට ප්‍රධාන වශයෙන් රෝග බෝ වන ක්‍රම අමතක කර කටයුතු කිරීම ගැටලුසහගත බවද, නිවැරදි මුඛ වැස්මක් නිවැරදි වේලාවට නිවැරදි පිරිදි භාවිතය සහ නිවැරදි ලෙස බැහැර කිරීම මෙහිදී වඩා වැදගත් බවද ඔහු සදහන් කළේය.
මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා ශ්වසන රෝග වෛද්‍යවරුන්ගේ විද්‍යාලීය සභාවේ සභාපති වෛද්‍ය ගීතාල් පෙරේරා මහතා පැවසුවේ විෂබීජ හරණය සදහා රසායනික ද්‍රව්‍ය අසීමිතව භාවිතා කිරීමෙන් ඒවා පසට සහ අපගේ ශරීර තුළට අනවශ්‍ය ලෙස ඇතුළු වීමෙන් ගුටලු මතුවන බවයි.
මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මෙරට අනුමත වී ඇති ඕනෑම එන්නතක් ලැබෙන අවස්ථාවේදී ලබාගැනීමත්, නිරෝධායන ඇදිරිනීති සමයේ ක්‍රියාත්මක කළ ඈත්වී සිටීමේ සංකල්පය වැඩබිමට, පාසලට ආදී සෑම ස්ථානයකටම ගෙනයන්නේ කෙසේද යන්න පිළිබදව දැනුවත්ව සිටිමින් මේ සම්බන්ධයෙන් තහවුරු කරන ලද පුවත් පිළිබදව පමණක් අවධානය යොමු කිරීම බවයි.