පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි ප්‍රශ්නවලට උද්ඝෝෂණ කිරීම අනුමත කරන්නේ නෑ- සෞඛ්‍ය ඇමති

    ඔක්තෝබර් 05, 2021

    සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි ප්‍රශ්න මුල් කරගෙන සෞඛ්‍ය සේවකයින් දඩමීමා කරගනිමින් කවුරුන් හෝ උද්ඝෝෂණ වැනි කටයුතු වලට පෙළඹෙන්නේ නම් එය කිසිලෙසකින් අනුමත නොකෙ‍ෙරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    පසුගිය වකවානුවේ පැවති එවැනි තත්ත්වයන් නිසා රට විශාල ව්‍යසනයට පත්වූ බවද අමාත්‍යවරයා සිහිපත් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (5) මාධ්‍යයට අදහස් දක්වමින් එ් මහතා මේ බව කීය.

    එනිසා රටත්, රටේ ජනතාවත් ගැන සිතා එවැනි කටයුතු වලට මේ මොහොතේ එක් නොවන ලෙස තමා ඉල්ලා සිටින බවත්, පසුගිය වකවානුවේ එවැනි උද්ඝෝෂණ 800 ට වඩා පැවති බවත් ඉන් ඇති වූ තත්ත්වයන් ඉතා අමිහිරි බවත් හෙතෙම කීය. දේශපාලන අවශ්‍යතා සඳහා සටන් කළ හැකියැයිද , එහෙත් එවැනි සටන් කළ හැක්කේ සැවොම ජීවත්ව සිටියහොත් පමණක් යැයිද බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

    මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සාමාන්‍ය සේවකයා දක්වා සැවොම විශාල කැපවීමකින් කටයුතු කරනු ලැබේ. එම කැපවීම හරහා රජය ගත් යම් යම් තීන්දු තීරණ වලට සාධනිය ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකිවිණි. මේ තුළ මේ වන විට කොවිඩ් තත්ත්වය යම් පාලනයකට නතු කරගැනීමට හැකිව තිබේ.

    රටක් වශයෙන් අප සියලු දෙනා පවතින වසංගත තත්ත්වයෙන් ගොඩ ආ යුතුය. වර්ජන සඳහා පෙළඹෙන පිරිස් එය අවබෝධ කරගත යුතුයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පයට පෑගෙන දූවිල්ලක් තරම් වත් ගණන් නොගෙන දේශපාලන අවශ්‍යතාවයන් පමණක්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල හොඳටම අත්විඳ තිබේ. යම් ප්‍රශ්න ඇතිවන්නේ නම් එය සාකච්ඡා කර විසදා ගැනීමට එන්වන ලෙසත් රටේ වසංගත තත්ත්වය තුළ ඇතිවන ආර්ථික තත්ත්වයන් මැනවින් අවබෝධ කරගනිමින් මේ මොහොතේ කටයුතු කරන ලෙසත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya