ජනමාධ්‍ය අමාත්‍යංශය , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන සතියේ සයිබර් සංවාදය අද ( 05 ) Zoom ඔස්සේ පැවත්විණි.
මෙවර එහි මාතෘකාව වූයේ "මිල පාලනයෙන් පොඩි වෙන පොඩි මිනිස්සු" යන්නයි.
මෙම සංවාදය සඳහා ආර්ථික විශ්ලේෂක , ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දනනාත් ප්‍රනන්දු මහතා සහ කළමනාකරණ උපදේශක , ඉංජිනේරු නිශන්ත කමලදාස මහතා සහභාගී විය
මිල පාලනය කිරීමකින් භාණ්ඩවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බවත් ලෝකයේ කිසිදු රටක් මෙම සංකල්පය භාවිත කර සාර්ථකත්වයක් අත් කර ගෙන නොමැති බවත් මෙමගින් වෙනත් අර්බුද රැසක් මතුවීමේ ඉඩකඩක් ඇතිවිය හැකි බවත් මෙම සාකච්ඡාවට එක්වෙමින් දනනාත් ප්‍රනානාදු මහතා පැවසීය.
මිල පාලනය යන්න පිළිබඳව බහුතරයකට ඇති අදහස වන්නේ ගැසට් නිවේදනයක් පළ කිරීමෙන් එය සිදු කරන බව පවසන ඒ මහතා වෙළඳපොළ තුළ පවතින සෑම භාණ්ඩයකටම රජය පාලන මිලක් නියම නොකරන අතර සාමාන්‍යයෙන් මිල පාලනය සිදු කරන්නේ සීනි ,සහල් පොල් වැනි භාණ්ඩ වර්ග සඳහා බවත් රජය පනවා ඇති මිලට වඩා වැඩි මුදලකට එම භාණ්ඩ විකිණිමට නොහැකි බවත් වැඩිදුරටත් පැවසීය.
වෙළඳසැළක යම් භාණ්ඩයක ලේබලය මත "උපරිම සිල්ලර මිල" යනුවෙන් සළකුණු කොට ඇති මිල තීරණය කරන්නේ අදාළ භාණ්ඩය නිෂ්පාදනය කරන සමාගම බවත් ඒ මහතා පෙන්වා දේ. රජය වෙළඳපොළ මිල පාලනයට මැදිහත් වීම සිදු නොකළ යුතු බව සිය පෞද්ගලික අදහස බව පවසන ඒ මහතා, ඇතැම් පිරිස් වෙළඳපොළ තුළ භාණ්ඩවල කෘතිම හිඟයක් ඇති කිරීමට උත්සහ කරන බවත් පැවසීය.
භාණ්ඩ සඳහා මිල පාලනයක් සිදු කිරීමෙන් සිදුවන්නේ යම් භාණ්ඩයක් ආනයනය කරන කුඩා පරිමාණ භාණ්ඩ ආනයනකරුවන් එම භාණ්ඩ ආනයනය කිරීමෙන් ඉවත් වන අතර ඒ හේතුවෙන් අතලොස්සක් වූ සෙසු පිරිස භාණ්ඩ ආනයනය කිරීමෙන් වෙළඳපොළ තුළ කැටපි අධිකාරියක් ඇති වෙන බවත් තරගකාරී ක්‍රමයට බාධා වන ලෙස කටයුතු කිරීමට ඉඩ නොදෙන නීති පැනවීම මගින් මේ සඳහා රජයට මැදිහත් වීමක් කළ හැකි බවත් දනනාත් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. රටතුළ ඇතිවී තිබෙන ඩොලර් හිඟය සහ භාණ්ඩ ආනයනය කිරීමෙන් අනතුරුව අදාළ සමාගම්වලට ගෙවීම් සිදු කරන බැවින් ඩොලරයේ අගය වෙනස්වීමෙන් ආනයනකරුවන් අපහසුතාවයට පත්වන බව පෙනවා දෙන ඒ මහතා සීනි සඳහා බදු අඩු කිරීමෙන් එම ආනයනකරුවන් අනවශ්‍ය ලෙස තොග රැස් කර තබා ගත් බැවින් මෙම සීනි අර්බුදය නිර්මාණය වූ අතර රජය මේ සඳහා මැදිහත්වීම අගය කළ යුතු බවත් ඒ මහතා පැවසීය.
භාණ්ඩ ආනයනය සඳහා වන නැව් ගාස්තු පෙර පැවති මිලට වඩා හය හත් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් කොවිඩ් තත්වයත් සමග ලෝකයේම ජනතාවගේ පරිභෝජන රටා වෙනස් වීම නැව් මාර්ග වෙනස්වීම වැනි තත්වයන් මේ සඳහා බලපෑ බවත් පවසන ඒ මහතා කිරිපිටි මිල ඉහළ යාමට මෙම සියලු කාරණා බලපාන බව පැවසීය.
ඒ හේතුවෙන් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් පමණ වැඩිවිය යුතු බව පෙනවා දෙන ඒ මහතා එම මිල වැඩිවීම පාරිභෝගික ජනතාවට දැරිය නොහැකි බවත් පෙන්වා දේ.මෙම මිල වැඩි වීමට ඉඩ ලබා දුන්නේ නම් ජනතාව තමන්ට අවශ්‍ය පරිදි යම් නිෂ්පාදනයන් තෝරාගැනීමට ඉඩකඩ පවතින බවද ඒ මහතාගේ අදහසයි.උදාහරණයක් ලෙස ලෝක වෙළඳ පොළේ BMW මෝටර් රථයක මිල ඉහළ දැමීමට එම ආයතනය තීරණය කළ විට ජනතාව ඒ සඳහා උද්ඝෝෂණය නොකරන බවත් තමාට දැරිය හැකි මිලක මෝටර් රථයක් මිලදී ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.
එසේම වෙළඳපොළ තුළ භාණ්ඩ සඳහා තරගයක් ඇති කිරීමෙන් ජනතාවට තමාට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගනු ඇති බව ඒ මහතාගේ අදහසයි.ජනතාව දියර කිරි සඳහා යොමු වන්නේ නම් කිරිපිටි ආනයනය සඳහා වැය වන ඩොලර් ප්‍රමාණය රට තුළ ඉතිරි වන බවත් ඒ මහතා පෙන්වා දේ.දේශීය දියර කිරි පරිභෝජනයට කිරි ලීටර් මිලියන 7000ක් අවශ්‍ය බවත් නමුත් ඉන් අඩක් පමණක් සැපයීම නිසා දියර කිරිවල හිඟයක් ඇති බව පෙන්වා දෙන ඒ මහතා ඒ සඳහා සුදුසු කිරිදෙනුන් සහ කිරි නිෂ්පාදනය වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කළ යුතු බව පෙන්වා දෙයි.
සහල් අර්බුදය පිළිබඳව අදහස් දක්වන දනනාත් මහතා කියා සිටින්නේ සහල් අතිරික්තයක් ඇති වූ අවස්ථාවකදී මෙන්ම සහල් අස්වැන්න අඩුවන අවස්ථාවකදී වුවද ගොවියාට ලැබෙන්නේ අඩු මුදල් ප්‍රමාණයක් බවයි.සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වතුර ලීටර් 2400ක් වැයවන බව පවසන ඒ මහතා සහල්වල මිල තීරණය කිරීමේදී ජලය සඳහා වැය වන මුදල මෙන්ම පොහොර සඳහා වැය වන මුදලද එකතු කර නොමැති බවත් එවිට සහල් කිලෝවක නිෂ්පාදන මිල රුපියල් 350ක් පමණ විය හැකි බවත් එසේ වුවද විශාල සහනාධාරයක් සහල් සඳහා රජය ලබා දී ඇති බවද ඒ මහතා අවධාරණය කළේය.
ලෝකයේ වැඩි ඉල්ලුමක් පවතින්නේ දිගු සහල්වලට බව පෙන්වා දෙන ඒ මහතා අපේ රටේ සහල්වලට විදේශීය වෙළඳපොළ පවතින ඉල්ලුම අවම මට්ටමක පවතින බව පෙන්වා දුන්නේය.එසේම සහල් මිලදී ගන්නා අතලොස්සක් වූ පිරිසක් බැවින් එසේ මිලදී ගන්නා පිරිස වැඩි කිරීමට හැකි නම් අතලොස්සක් එක්ව සහල් මිල පාලනය කිරීම ව්‍යර්ථ කළ හැකි බවද අවධාරණය කළේය.
ලංකාවේ වී මිලදී ගන්නේ වී මෝල් හිමියන් පමණක් බව පවසන දනනාත් මහතා විදේශීය රටවල් සහල් මිලදී ගන්නේ සහල් මෝල් හිමියන් පමණක් නොව සහල් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන පිරිස් ද වී මිලදී ගන්නා බව පැවසීය.ලංකාවේ පවතින අවම ඉඩම් ප්‍රමාණය මෙලෙස සහල් ආශ්‍රිත වෙනත් නිෂ්පාදනයන් සිදු කිරීමට බාධාවකි.හරිතාගාර ක්‍රමයට හෝ ජල සම්පාදනය වෙනස් කිරීමෙන් හෝ අලුත් පොහොර වර්ග භාවිතයෙන් හෝ අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඉඩම්වල අයිතිය ගොවියාට නොමැත.වී මෝල් හිමියන් අධීකාරයක් ලෙස වී මිල තීරණය කිරීම අසාධාරණ බවද දනනාත් මහතා පැවසීය.
මෙම සහල් අර්බුදයටද දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍ය බවත් ඒ මහතා කියයි. "මිල පාලනය" රජය සද් භාවයෙන් සිදු කරන ක්‍රියාවක් බවත් සමහර අවස්ථාවලදී මෙම ක්‍රියාව භූමරංගයක් විය හැකි බවත් නිශාන්ත කමලදාස මහතා පවසයි.ස්වභාවිකව වෙළඳපොළතුළ මිල පාලනය වීමට ඉඩ දිය යුතු බවත් කෙටි කාලීනව ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග දීර්ඝ කාලීන ගැටලුකාරී තත්වයන් ඇති විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දේ.උදාහරණයක් ලෙස පොල් මිල ඉහළ යන අවස්ථාවක ජනතාවට සහන ලබා දීමේ අරමුණෙන් කොප්පරා අපනයනය නතර කළේ නම් පොල් අස්වැන්න වැඩිවී අතිරික්තයක් ඇති වන කාලයකදී රටට විදේශීය වෙළඳපොළ අහිමි වන බව ඒ මහතා පැහැදිළි කළේය.
වෙළඳපොළ ඒකාධිකාරයක් ඇති වීම පාලනය සඳහා මහජන උපයෝගීතා කොමිසම ස්ථාපිත කොට ඇති බව පෙන්වා දෙන ඒ මහතා වෙළඳපොළ තුළ සාධාරණත්වයක් ඇති කිරීම සඳහා පවතින නීතිරීති වෙනස් කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දේ.රජය පනවන නීති රීති ඇතුළත තමාට වාසියක් ඇති කර ගැනීමට ඔ්නෑම කෙනෙකු ක්‍රියා කරන බවත් ආනයනය කිරීම සඳහා ලබා දෙන බලපත්‍ර වැඩි පිරිසකට ලබා දීමට කටයුතු කිරීමෙන් තරගකරුවන් නිර්මාණය කළ විට මෙම වෙළඳපොළ තත්වය වෙනස් කළ හැකි බවත් ඒ මහතාගේ අදහසයි.පවතින නීති රීති වෙනස් කිරීමෙන් මෙය ක්‍රියාත්මක කළ හැක. සීනි අර්බුදය පිළිබඳව සිය අදහස් දක්වන කමලදාස මහතා පවසන්නනේ, කෙටි කාලීනව ගනු ලබන තීරණයක් ලෙස සඟවන ලද තොග වෙළඳපොළට නිකුත් කර එම තොග අවසන් වූ පසුව නැවත ආනයනය කිරීමේදී සීනිවල වෙළඳපොළ මිල විශාල ලෙස ඉහළ යා හැකි බවය.
සාකච්ඡා සටහන- දේවිකා සිරිවර්ධන