පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2022 වසර යනු වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන වසරයි- නැවතත් රාජපක්ෂ පවුලට මඩ ගැසීමේ ව්‍යාපාරය විපක්ෂය ආරම්භ කරලා- රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ

    ඔක්තෝබර් 05, 2021

     2022 වසර යනු වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන වසරයි- නැවතත් රාජපක්ෂ පවුලට මඩ ගැසීමේ ව්‍යාපාරය විපක්ෂය ආරම්භ කරලා- රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ

    එළඹෙන 2022 වසර යනු වත්මන් රජය ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන වසර බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2015 වසරේ මෙන් නැවතත් රාජපක්ෂ පවුලට මඩ ගැසීමේ ව්‍යාපාරය විපක්ෂය විසින් ආරම්භ කර ඇති බවත් මේ කිසිවක් ඔප්පු කර ගත හැකි චෝදනා නොවේ යැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීම සඳහා පාර්ලිමේන්තු යොදා ගැනීම වැරදි බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


    හිටපු ජනපතිවරුන් අගමැතිවරුන් ඇතුළු ධනවතුන් සහ රාජ්‍ය නිලධාරීන් 300 දෙනකුගේ කළු සල්ලි පිළිබඳව තොරතුරු හෙලිදරව්වූ කළ පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් රාජපක්ෂ යන නමක් සඳහන් වේ යැයි කියමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එදා පැනමා පේපර්ස්වල තිබුණු සල්ලි කාගේ ඒවාදැයි මෙහිදී ප්‍රශ්න කළ සේමසිංහ මහතා සමාජ මාධ්‍යයන්හි තිබෙන බොරු අල්ලගෙන මෙතන කෑගැසීම පලක් නොවන බවද පැවසීය.

    මෙම චෝදනා එල්ල කළ යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බවත් පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විමසිය යුත්තේ විපක්ෂයෙන් බවද කීය. මේ රට ආර්ථික වශයෙන් බංකලොත් කළ විපක්ෂය අද ආණ්ඩුවට මඩ ගසන බව ද කීය.

    කොරෝනා මර්දනය අතින් සහ එන්නත්කරණය අතින් ලෝකයේ පළමු රටවල් 10 අතරට එක් වීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජයට හැකි වූ බව ද ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය,

    භාවිතයට නොසුදුසු පොහොර ගෙන්වීම් සම්බන්ධයෙන් පර්යේෂණයක් කරන්නැයි ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා, පසුගිය රජය ව්‍යාජ වාර්තා පෙන්වමින් , ගොවියා මුලා කරමින් බාල පොහොර මෙරටට ගෙන් වූ බවත් කීය. රජයක් වශයෙන් ගොවිජනතාව තැබිය යුතු ඉහළම ස්ථානය ගොවියාට ලබා දී ඇති බවත් රුපියල් 60 ඉක්ම වූ මිලක් වී කිලෝවක් සඳහා ලබා දීමටත් රජය කටයුතු කළ බව කී ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා, පසුගිය රජය ගොවියාගෙන් වී මිලට ගත්තේ රුපියල් 30ට බව පෙන්වා දුන්නේය. ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීමට රජය කටයුතු කරන බව අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya