පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජර්මානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

    ඔක්තෝබර් 06, 2021

    ජර්මානු ආරක්‍ෂක උපදේශක කපිතාන් ජෙරල්ඩ් කෝච් (Gerald Koch) මහතා ( ඔක්තෝබර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    කපිතාන් ජෙරල්ඩ් කෝච් මහතා, ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයට අනුයුක්තව ආරක්‍ෂක උපදේශක ලෙස කටයුතු කරන අතර, ඔහු නිළ වශයෙන් නාවික හමුදාධිපති හමුවූ ප්‍රථම අවස්ථාව මෙය විය. මෙම නිල හමුවේදී දෙරටේ නාවික හමුදාවන් අතර පවත්නා දිගුකාලීන සබඳතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

    තවද. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලාෆ් මැල්කෝව් මහතා (Olaf Malchow), ඉන්දියාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ජෑන් සිහාර් මහතා (Jan Cihar) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ වෙළඳ, සංවර්ධන සහ දේශපාලන කටයුතු පිළිබඳ උපදේශක, ධරිනි දළුවත්ත මහත්මිය සහභාගී වූ අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya